LOADING

Type to search

News Bar

වංචාවට, දූෂණයට, මර්ධනයට, ජනතා දේපළ මංකොල්ලකෑමට සහ අසාධාරණයටත් ජන පීඩාවටත් එරෙහි හඬ....

ඉස්කුරුප්පු ඇණේ වෙබ් අඩවිය වංචාවට, දූෂණයට, මර්ධනයට, ජනතා දේපළ මංකොල්ලකෑමට එරෙහිව සහ සමාජ අසාධාරණයටත් ආණ්ඩුවේ ඇතුළු විවිධ සමාජ කණ්ඩායම්වල ජන පීඩාවටත් එරෙහිව 2016 අගෝස්තු 05 වනදා ආරම්භ කළ වෙබ් අඩවියක් වන අතර එහි පළමු ප්‍රවෘත්ති්යේ සිට සෑම ප්‍රවෘත්තියක් පල කර ඇත්තේ එම අරමුණෙනි.
2015 වසරේ බලයට පැමිණි ජනාධිපතිවරයාත් ඉන් පසු බලයට පැමිණි රනිල් මෛත්‍රී ආණ්ඩුවත් පැවති රාජපක්ෂ පාලනයේ වංචා, දූෂණ, අපාරාධ ඇතුළු ජනතා ද්‍රෝහී ක්‍රියාවන්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි තදින් විශ්වාස කළ ඉස්කුරුප්පු ඇණේ වෙබ් අඩවිය ඒ දෙස මහත් ඕනෑකමින් දැස් දල්වා බලා සිටියේය.
එහෙත් කනගාටුවට කරුණනම් ආණ්ඩුවේ බලය පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණනින් වැඩි කර ගැනීම සඳහා, පැවති රාජපක්ෂ පාලනයේ වංචනකියින්, අපරාධ කරුවන් සමග
රනිල් – මෛත්‍රී ආණ්ඩුව යහන්ගත වීමයි. එමෙන්ම පැවති රාජපක්ෂ පාලනයේ දූෂිතයන්ට දඬුවම් කිරීමට පැමිණි ආණ්ඩුවද එලෙසම යහමින් ජනතා මුදල්, දේපළ දූෂිත ලෙස නාස්ති කරමින් තම තමන්ගේ සුඛවිහරණය සඳහා යොදා ගැනීමයි.
ලක්ෂ 62ක ජනතාවකගේ නිර්මල, පිරිසිදු බලාපොරොත්තු එකින් එක පරව යන මලක පෙති හැලී යන්නා සේ හැලී යන්නට වූහ.
එහෙත් ලක්ෂ 62ක ජනතාවගේ බලා පොරොත්තුවලට යම් දුරකට හෝ සාධාරණය ඉටුකළේ පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම පමණි. ඔවුන් විශේෂයෙන් දිගින් දිගටම පැවති පාලනයේ දූෂිතයන්ට දඬුවම් නොකිරීමත් රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුව විසින් රාජපක්ෂ පානයේ ආකාරයටම වංචාවේ දූෂණයේ යෙදීමත් ජනතාව හමුවේ සෘජුවම හෙළිදරව් කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණ විසින් පමණි.
රාජපක්ෂ පාර්ශවයේත්, රනිල් පාර්ශවයේත්, මෛත්‍රී පාර්ශවයේත් පිරිස එකිනෙකා මත යැපෙමින් තම තමනගේ නඩුවලින් බේරීමත් යහමින් යලි යලිත් වංචාවේ දූෂණයේ යෙදීමත් ඔවුන් දෙගොල්ලන්ම එකම දූෂිතයන් පිරිසක් බවත් ජනතාවට හොඳාකාරවම අවබෝධ වූයේ ජවිපෙ මන්ත්‍රීවරු විසින් රට හමුවේ සිදු කළ අනාවරණයන් හා හෙළි දරව් කිරීම් නිසාය.
එබැවින් 2015 හැරවුම් ලක්ෂයේ ප්‍රබලම සාදකය වූ ලක්ෂ 62ක ජනතාවගේ මතයේ හිඳිමින් කටයුතු කරනු ලැබූ ජනතා විමුක්ති පරෙමුණ වෙනුවෙන් සෘජුවම පෙනී සිටීමට ඉස්කුරුප්පු ඇණේ වෙබ් අඩවිය තීරනය කළ අතර මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අපෙගේද ආශිර්වාදය ඇතිව තෝරාගත් අනුර කුමාර දිසානායක මහතාට සෘජුවම සහයෝගය දැක්වීමට තීරණය කරන ලදී…
එමෙන්ම ඉස්කුරුප්පු ඇණේ වෙබ් පිටුවට අඩිතාලම වැටෙන්නේ 2015 සැප්තැම්බර් 07 වනදා සිට මේ වනවිටත් පවත්වාගෙන යන ඉස්කුරුප්පු ඇණේ ෆේස්බුක් පිටුව හරහා වන අතර එහි පියවරක් ඉදිරියට තබමින් මෙම වෙබ් අඩවිය ආරම්බ කරන ලදී.

ස්තුතියි,
ඉස්කුරුප්පු ඇණේ කණ්ඩායම.
( iskuruppuane.lk@gmail.com )

Contact Us

Newsletter

Subscribe our Articles