LOADING

Type to search

News

ඝෝඨාභය ජනාධිපතිතුමා හරියටම හරි…

Share

එළියෙ පාතාලයත් මත්කුඩු ජාවාරමත් ජයටම මෙහෙයවන ප්‍රධාන සෙන්ටර් එකක් තමයි බන්ධනාගාරය. ඒක දිග කලක් ඉඳල වෙන වැඩක්. ඒකට තිත තියන්න ජනාධිපතිතුමාට තියන උනන්දුව අපි අගය කරනව. ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් කාලෙ පාතාලය ක්‍රියාත්මක උන හැටි මතකනෙ. ලසන්ත, එක්නැලිගොඩ,තාජුඩීන ඇතුළු විශාල පිරිසක් පාතාලයට ගොදුරු උනා. මාධ්‍ය ආයතන ගිනි ගත්ත, ව්‍යාපාරිකයො සහ විකල්ප දේශපාලන මත දරන්නො අතුරුදන් උනා. එක්කො මහමග ඝාතනය උනා. ජනාධිපතිතුමාට තේරෙනව ඇතිනෙ පාතාලයෙ භයානකකම. ඒ අපරාධකාරයො තාමත් කොහේ හරි හැංඟිලා ඇති. ඔබතුමාට ඒව උනත් හොයන්න දැන් සියලු බලය තියනව.

ඒ එක්කම ඔබ තුමා දන්නවනෙ ඔය බන්ධනාගාරෙ සැපෙන් ඉන්න සුපිරි හිරකාරයො ගැනත්. ඒගොල්ලො හුඟක් සල්ලි වියදම් කරනව බන්ධනාගාර නිලධාරීන්ට. එහෙම නැතුව ඒක ඇතුලට දුරකථන ඇතුළු හුඟක් ලක්ෂරි පහසුකම් එන්න විදිහක් නැහැ. බන්ධනාගාර රෝහල තියෙන්නෙම දේශපාලනය කරපු සුපිරි හිරකාරයො වෙනුවෙන්මනෙ. ඒක ඔබ තුමාට අමුතුවෙන් කියන්නෙ මක්කටෙයි.

ඉහෙන් බහින රෝගයක් නැති හිරකාරයොන්ට වෛද්‍ය සහතික දීල මරණාසන්න රෝගියෙක් කරන වෛද්‍යවරු සෙට් එකකුත් ඉන්නව.

ඔය බන්ධනාගාරෙටම පැනල 28 දෙනෙක් මැරුවෙත් ඔබතුමා ආරක්ෂක ලේකම් කාලෙ. ඒ වගේම අර දරුවො එකොළොස් දෙනෙක් කප්පම් වෙනුවෙන් පැහැරගෙන ඝාතනය කෙරුනෙත් ඒ දවස්වලමනෙ. ඒවගෙ චෝදනා එල්ල උනේ එදා ඔබතුමාලගෙ ආණ්ඩුවට. ඒව හොයල ඒ චෝදනා කරන උන්ගෙ කට වහන්නත් දැන් ඔබට පුළුවන්. මොකද ඒ ඝාතකයො කොහේ හරි ඉන්න එපැයි. මධුෂ් නම් ගිය ආණ්ඩුවෙන් කුදලන් ආව. ඒත් නීතිය ක්‍රියාත්මක වෙනවද කියල රටේ මිනිස්සු දන්නෙ නැහැ.

කොයි එක උනත් ගිය ආණ්ඩුව කාලෙ දේශපාලන ඝාතන අපි දැක්කෙ නැහැ.

ඉතින් මේටික කිව්වෙ ඔබතුමා පාතාලයත් කුඩු ජාවාරමත් ගැන කියපු නිර්භීත කතාව අහල. විසිල් වලට වඩා බල්ටි තමයි රටට ඕන. මොකද විසිල් ඇහිල ඇහිල අපට එපා වෙලා.

ඔබ තුමාට සුබ පතනව රට කුඩුවලින් සහ පාතාලයෙන් ගලවගන්න පුළුවන් වෙන්න කියල.

රවී සිරිවර්ධන

Leave a Comment

Your email address will not be published. Required fields are marked *