LOADING

Type to search

News

සාෆි වඳසැත්කම් නාටකයේ රෝහල් අධ්‍යක්ෂ කුරූණැගලින් එලවයි… එදා සිටි වඳ මව්වරුන්ගේ සංවිධාන, භික්ෂු සංවිධාන, වියත්මග උද්ඝෝෂණ අද කෝ…? බණ්ඩාරට මෙහෙමනම් සාමාන්‍ය ජනතාව ගැන කුමණ කතාද?

Share

මීට වසරකට පමණ පෙර එනම් 2019 මැයි මාසයේදී පමණ රංගනය ආරම්භ වී නන්දසේන ජනාධිපති වන තුරු ප්‍රේක්ෂක ඔල්ඔරසන් මැද රඟ දැක්වූ සාෆි වෛද්‍යවරයාට එරෙහි වඳ සැත්කම් නාටකයේ පළමු පෙළ නළුවෙකු වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර කුරුණෑගල දිස්ත්‍රීක්කයේ “පොහොට්ටු” පක්ෂයේ බලධාරියා වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ බලපෑම මත වහාම ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල රොහල් අධ්‍යක්‍ෂ ධුරයෙන් ඉවත් කර ඇත.

ඔහුව වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ අස්සනින් යොමුකර ඇති නියෝගයක් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර තිබේ.

මේ වන විට රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ වැඩ බලන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කැදන්ගමුව බවද වාර්තාවේ.

දේශපාලන බලය පෙන්වමින් සරත් වීරබණ්ඩාර විසින් එකළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා නීතීවිරෝධී ලෙස කටයුතු කළ පුද්ගලයෙකු වන අතර එකළ ඔහු සාෆි වෛද්‍යවරයාට එරෙහි වඳ සැත්කම් නාටකයේ ප්‍රබළ භූමිකාවක් රඟදැක්වූවෙකි. ඔහු එය කොතෙක් දුරට රඟ දැක්වූවේද යන්න පැහැදිලි වන්නේ ඔහු විසින් වඳ භාවයට පත්වූවේ යැයි පැවසෙන මව්වරුන් ඒකරාෂී කරගෙන මව්වරුන්ගේ සංවිධානයක්ද බිහි කර ගත්තේ ය.

එම සංවිධානය මගින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර විසින් දින පතා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ජාතිවාදී ප්‍රවනාතවයන් මතු කරමින් මාධ්‍ය සාකච්ඡා පවා පැවැත්වී ය.

වඳ සැත්කම් නාඨකය හරහා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ පොහොට්ටු ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට රිංගා ගැනීමට මානබලමින් සිටි සරත් වීරබණ්ඩාරට එම අවස්ථාවද අහිමිව ගියේ ය. ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතු ම යැයි කියමින්, පසුගියදා වාරියපොළ පොලිසියට කඩා පැන සකා නැටූ වාරියපොළ විශුද්ධාරාම විහාරස්ථානයේ (වාරියපොළ ගල උඩ පන්සලේ) විහාරාධිපති වඩුගෙදර සාරානන්ද භික්ෂුව විශාල වෙහෙස මහන්සියක් වෙමින් ප්‍රචාරයක්ද ගෙන ගියයේය.

ශික්ෂණ රෝහලක අධ්‍යක්ෂ යන තනතුර ඡන්දයක් පාවිච්චි කිරීම හැර අනෙකුත් දේශපාලන අයිතිවාසිකම් අහිමි තනතුරක් වන අතර එලෙස ඔහු යම් දේශපාලනයක නිරතවුවහොත් එය නීතිවිරෝධී ක්‍රියාවක්ද වන්නේ ය.

එයද නොතකා නන්දසේන ජනාධීපති කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර අද නන්දසේන ජනාධිපතිවරයාට සමීපතමයන් විසින් කනෙන් ඇඳ දමා ඇත්තේ “කාරිය කෙරෙන තුරු තුරු කාගෙත් රැවටිල්ල” යන සී පදය සිහි කරමිණි.

ආණ්ඩු පක්ෂය නියෝජනය නොකරන දේශපාලන පක්ෂයක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින්, මේ වනවිට රට තුළ උද්ගතය ඇරති කොරෝනා ව්‍යසනය හමුවේ විශාල මෙහෙයක් සිදුකරන රෝහල් කාර්යමණ්ඩලවල අවශ්‍යතාවය වෙනුවෙන් පාවිච්චි කිරීමට වෙලන්ගොල්ලවත්ත ප්‍රදේශයේ සිය සුකෝපභෝගී නිවසක් ලබාදී ඇත.

එම මන්ත්‍රීවරයාට එවැනි නිවසක් ඉදිකිරීමට තරම් වත්කම් ලැබුනේ කෙසේදැයි වෙනම විමර්ශනයක් සිදු කළ යුතු අතර එය නීති අංශවල කටයුත්තකි. එහෙත් මේ අවස්ථාවේ ලබා දුන් එම නිවසේ කුරුණෑගල ශික්ෂණ රෝහළේ වෛද්‍යවරුන් තිදෙනෙකුට නවාතැන් දීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර කටයුතු කර ඇත.

එම සිද්ධිය මුල් කරගෙන සරත් වීරබණ්ඩාරට පහරදීම සඳහා සාෆි වෛද්‍යවරයාට එරෙහි වඳ සැත්කම් නාටකයේ නළු බට්ටෙකු වූ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව යොදවා ආරම්භ කළ අතර පසුව එය කොරෝනා ව්‍යවසනය හමුවේ රෝහල් කාර්ය මණ්ඩල සඳහා නිසිලෙස රාජකාරී කිරීමට අවස්ථාව නොදීමේ චෝදනාව දක්වා ඉදිරියට පැමිණ තිබේ.

කොරෝනා ව්‍යවසනය හමුවේ රෝහල් කාර්ය මණ්ඩල සඳහා නිසිලෙස රාජකාරී කිරීමට අවස්ථාව නොදීමේ චෝදනාව සත්‍යය චෝදනාවක් වන අතර මෙම ව්‍යසනය හමුවේ සරත් වීරබණ්ඩාරගේ හැසිරීම සමස්ත රෝහල් කාර්ය මණ්ඩලයටම පීඩා ගෙන දෙන්නකි.

එය එක් උදාහරණයකින් පවසන්නේනම් ග්‍රාම නිලධාරීවරු තම කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස සිදු කළ යුතු රාජකාරියේදී ඊට උඩින් යමින් පොහොට්ටු පක්ෂයේ කොට්ඨාසයේ මන්ත්‍රී සභාපති කරමින් කමිටුවක් පත් කර ග්‍රාමනිලධාරීවරු ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණයේ අනෙකුත් නිලධාරීන්ට ගෙන දුන් පීඩනය හා සමාන පීඩනයක් මෙහිදී සරත් වීරබණ්ඩාර විසින් රෝහල තුළද ක්‍රියාත්මක කළේ ය.

ඒ හේතුවේන කොරෝනා මර්ධනයට දැඩි බාධා එල්ල විය.

මේ අතර සමස්ත ලංකා සුව සේවා සංගමයත්, සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයත් අවස්ථා දෙකකදී සෞඛ්‍ය ලේකම්වරියටත්, සෞඛ්‍ය අමාත්‍යවරියටත් රෝහලේ උද්ගතව ඇති තත්වය පිළිබඳව ලිඛිතව දක්වා තිබිණි.

එහෙත් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වග බලාගත් අතර තමන්ගේ සංගමයේ අයෙකු මීලඟට කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ බවට පත්කිරීමේ සැලසුමක් ඔවුන් දියත් කළේ ය.

ඉඟුරු දී මිරිස් ගත්තා වැනි දෙයක් ලඟදීම කුරුණෑගල රෝහල් කාර්යමණ්ඩලයට ඉතා මෑතකදී භුක්ති විඳීමට සිදුවනු ඇති අතර අපට අවසාන වශයෙන් කීමට ඇත්තේ තමන්ට බලයට ඒම නෛතික රාමු පවා බිඳ දමමින් කටයුතු කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර වැනි අටත් පස්ස පැත්තට පයින් ගසා එළවා දැමීමට නන්දසේනලා සූක්ෂම ලෙස කටයුතු කළානම්, තමන්ට බලයට ඒම ඡන්දය දුන් ජනතාව ගැන කුමන කතාද යන්නයි…

සූරිය උදා වන තුරු පිණි බෑවිල්ල…
පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල…
මාරුව බල බලා හිත යට කැරකිල්ල…
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල…

Leave a Comment

Your email address will not be published. Required fields are marked *