LOADING

Type to search

News

වෛරසයත් විකුණාගෙන කන බඩජාරි දිලිත් ජයවීර නිරෝධායනයට පැමිණෙන පුද්ගලයෙකුගෙන් ලක්ෂ ගණනින් අයකර‍යි

Share

පිටරට සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයට මුදල් ගෙවා සුඛෝපභෝගී හෝටල්වල නිරෝධායනය වීමේ අවස්ථාව රජය විසින් සලසා ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව දැනට දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර මහතාට අයත් වස්කඩුවේ පිහිටි සිට්‍රස් හෝලයට සහ ජෙට්වින්ග් සමූහයට අයත් තවත් හෝටලයක් මේ සඳහා සූදානම් කර ඇත.

මෙම හෝටල් කාමරයක් තුළ නිරෝධායනය සඳහා කෑමබීම සහිතව දිනකට රුපියල් 7500 බැගින් දින 14ට රුපියල් එක්ලක්ෂ පන්දහසක් (රු. 105,000) අය කරන බවද ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම මෙලෙස ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමේදී ප්‍රමුඛතාවය ලැබෙනුයේ උක්ත හොටල් තුළ නිරෝදායනයට කැමැත්ත පල කරන්නන්ට ය.

වරද මුදල් ගැනීම නොවේ, මුදල් නොගෙන නොමිලේ නිරෝධායනය සඳහා සුපිරි හෝටල් පවා ලබාදෙන මහා පුණ්‍යවන්තයෙකු ලෙස තමන්ගේ ප්‍රතිරූපය මවා පා, ඔහුගේ අත්සනින් යුතු ලිපියක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීමෙන් අනතුරුව, දැන් මුදල් ලබා ගැනීමයි.

කෙසේ වෙතත් රජයේ නිරෝධායන කටයුතු සඳහා නොමිලේ ලබාදෙන බව පවසමින් ප්‍රචාරයක් ගෙනගිය දිලිත් ජයවීර මහතා මෙලෙස ලක්ෂ ගණන් අය කරමින් ජනතා මුදල් සූරාකෑම ඉතාම නින්දාසහගත ය.

එසේම නිරෝධායනයට බව පවසමින් සිට්‍රස් හෝටල් ජාලයට පමණක් ව්‍යාපාර කටයුතුවල නියැලීමට අවසර දීමද අනෙකුත් හෝටල් ව්‍යාපාරිකයන්ට කරන දැඩි අසාධාරණයකි.

පසුගිය අප්‍රේල් මාසයේ දිල්ත් ජයවීර විසින් රජයට ලිපියක් යොමු කරමින් තමන් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ලබා දුන් හෝටලය යළි තමන් වෙත ලබා දෙන ලෙස ඉල්ලා තිබිණි.

මේ වනවිට දිලත් ජයවීර තම හෝටලය තුළ නිරෝධායන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්නේ යැයි කියමින් විදේශගතව සිට කොරෝනා වසංගතය නිසා අසරණව පැමිණෙන ජනතවා සූකාමින් සිය ව්‍යාපර තරකරගනිමින් සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *