LOADING

Type to search

News

විදේශ රටවලින් පැමිණ තරු හෝටලයේ නිරෝධායනය වෙන ශ්‍රී ලාංකිකයෝ කානුවල මැරෙන්න ගිය කුහකයෝ ලු… විකටවංශගේ වෙබ් අඩවිය කියයි…

Share

කළුතර දිස්ත්‍රික්කයේ මේ වනවිට තරු පන්තියේ සුඛෝපභෝගී හෝටල් තුළ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිට නිරෝදායනය වන පරිසගෙන් ජෛවපටල සාම්පල ලබා ගැනීම දිගින් දිගටම සිදු කරන බවත් ඉන් එක් හෝටලයක නිරෝධායනය වන පිරිසකගෙන් වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ප්‍රමාණවත් සහයෝගයක් නොලැබෙන බවත් ඔවුන් නිරෝධායන ප්‍රමිතීන් අනුගමණය නොකරන බවත් කළුතර දිස්ත්‍රික් කොවිඩ්-19 සම්බන්ධීකාරක වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ පසුගියදා පවසා තිබිණි.

මෙය උපුටා දක්වමින් “කාණුවල මැරෙන්න ගිය කුහකයන් ලංකාවට පැන තරු හෝටල්වල නිරෝධායන වෙමින් කොරෝනා පරීක්‍ෂාවට ඉඩ නොදෙති.. වෛද්‍යවරුන්ගේ ඇගට ගොඩවෙති..” යනුවෙන් විකටවංශ නමින් ප්‍රසිද්ධ, වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ ඉදිරිපෙළ අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශගේ මූල්‍ය දායකත්වයෙන් පවත්වාගෙන යන වෙබ් අඩවියක සඳහන් කර තිබේ. එම ප්‍රවෘත්තිය ඔහු පල කර තිබූ ආකාරය අනුව, විදෙස් රටවල සිට පැමිණි මෙම ශ්‍රී ලාංකිකයන් “කාණුවල මැරෙන්න ගිය කුහකයන්” පිරිසක් බව වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ විසින් ප්‍රකාශ කළේ යැයි හැඟීමක්ද උපදවා ඇත.

එහෙත් එම වෛද්‍යවරයා ඉතා පැහැදිලිව සඳහන් කර තිබුනේ එක් හෝටලයක පිරිසක් පමණක් මෙලෙස තම කටයුතුවලට බාධා එල්ල කරන බවත් මෙලෙස දිගින් දිගටම බාධා එල්ලවන්නේනම් තමන් රාජකාරිවලින් ඉවත්වන බවත් ය.

එම වෛද්‍යවරයා පවසන එම හෝටලය පිළිබඳ කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ එම හෝටලට දෙරණ මාධ්‍ය ජාලය අයිති දිලිත් ජයවීරගේ තරු පන්තියේ හෝටලයක් වන වස්කඩුවේ පිහිටි සිට්‍රස් හෝලයයි.

එම හෝටලේ නිරෝධායනය වන පිරිස පිළිබඳවද සොයා බැලිය යුතු අතර වෛද්‍ය රාජකාරියට බාධා කරන පිරිසට එරෙහිව නීතියද ක්‍රියාත්මක කළ යුතුය. එම හෝටල තුළ මෙලෙස කලබගැනීයක් සිදුකරන පිරිස බොහෝවිට ආණ්ඩුවේ ප්‍රබලයන්ට සම්බන්ධ වූවන් විය හැකිය. ඔවුන් තම පුහු මාන්‍යය පෙන්වමින් සිටිනවාද විය හැකිය. එහෙත් මේ කිසිවෙකුත් කාණු පල්ලේ මැරී වැටෙන්න සිටි මිනිසුන් නොව.

කොරෝනා වසංගතයෙන් අපේ රට බැට කන මොහොතේ සිට ආණ්ඩුවේ දුරවලතා මගහරවා ගන්නවා වෙනුවට එය වසං කරමින් කාටහෝ පිටස්තර පුද්ගලයෙකුට දෝශාරෝපනය කිරීම, වෛරය ඇති කිරීම නිරන්තරයෙන් මෙම විකටවංශත් ඔහුගේ වෙබ් අඩවියත් සිදු කළේ ය.

පළමුව චීනයටත් පසුව ඉතාලියෙන් සහ කොරියාවෙන් පැමිණි ලාංකිකයන්ටත් ඉන් පසුව මුස්ලිම් ජාතිකයන්ටත් පසුව නාවික හමුදා සෙබළු කෙරෙහිත් මොවුන් දැඩි වෛරයක් පතුවන ලදී.

මෙම කොරෝනා වසංගතය පදනම් කරගෙන මෙරට සිංහල සමාජය තුළ මුස්ලිම් ජාතිකයන් කෙරෙහි වෛරයක් ඇති කිරීම සඳහා එක්සත් ආරාබි එමිරේස්ට් රාජ්‍යයේ පාලක රජුට එරෙහිවද බොරු සහ මඩ අවලාද ප්‍රවෘත්ති නිර්මාණය කරන ලදී. ඒ සම්බන්ධයෙන් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා විසින් නිවේදනයක්ද නිකුත් කළ අතර විදේශකටයුතු අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක්ද ගොනු කර තිබිණි.

මෙලෙස කටයුතු කළ විකටවංශ දැන් මේ වනවිට විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ජනතාවට “කාණුවල මැරෙන්න ගිය කුහකයන්” යැයි කියමින් අපහාස කරන්නට පටන් ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *