LOADING

Type to search

News

ජනාධිපති නන්දසේන : සහල් මාෆියාව : උපරිම සිල්ලර මිල : යාලු මිත්‍රයෝ

Share

01. සහල් සම්බන්ධයෙන් නන්දසෙන ආණ්ඩුවේ පළමු ගැසට්ටුව, 2019 දෙසැම්බර් 18 නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයෙන් පසු 2019 දෙසැම්බර් 19 දින අත්සන් කරන ලදී.

ඒ අනුව නාඩු සහල් සහ සම්බා සහල් සඳහා රුපියල් 98ක උපරිම සිල්ලර මිලක් පනවන ලදී.

02. සහල් සම්බන්ධයෙන් නන්දසෙන ආණ්ඩුවේ දෙවන ගැසට්ටුව, 2020 අප්‍රේල් 10 දින පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී හමුවෙන් පසු එදිනම නිකුත් කරන ලදී.

ඒ අනුව,

• නාඩු සහල් – රුපියල් 90/=

• කැකුළු සහල් – රුපියල් 80/=

• සම්බා සහල් – රුපියල් 90/=

• කීරි සම්බා සහල් – රුපියල් 125/=

03. ඉන් දින 47කට පසු අද (2020.05.27) තවත් ගැසට්ටුවක් මුද්‍රණයේ. ඒ සහල් සම්බන්ධයෙන් නන්දසෙන ආණ්ඩුවේ තෙවන ගැසට්ටුව,

ඒ අද ජනාධිපති නන්දසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ ඇතුළු මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ය.

ඒ අනුව,

• නාඩු සහල් – රුපියල් 96/=

• සම්බා සහල් – රුපියල් 98/=

• කීරි සම්බා සහල් – රුපියල් 125/=

ඒ අනුව මීට පෙර නාඩු සහල් සඳහා පැවති රුපියල් 90ක උපරිම සිල්ලර මිල රුපියල් 96ක් දක්වා රුපියල් 06කින් ඉහළ ගොස් ඇත. සම්බා සහල් සඳහා පැවති රුපියල් 90ක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් දක්වා රුපියල් 08කින් ඉහළ දමා ඇත.

මේ සම්බන්ධයෙන් මහා පරිමාණ සහල් මෝල් හිමියෙකු වන ඩඩ්ලි සිරිසේන ජනාධිපති නන්දසේනටත්, පොහොට්ටුවේ මහ ලේකම් බැසිල් රාජපක්ෂටත් සිය භක්ත්‍යාදරය පිරි නමා තිබේ.

අන්තිමට සහල් මාෆියාව අල්ලන්න ගිය පාරිභෝගික කෙටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායකට සිදු වූයේ සහල් මාෆියාකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට නොව ජනාධිපති නන්දසේන ගත් තීරණය පරිදි සහල් මාෆියාකරුවන්ගේ මිල ගණන් යොදා සහල් මිල ඉහළ දමමින් ගැසට්ටුවක් නිකුත් කිරීමට ය. එම ගැසට්ටුව මේ වනවිට මුද්‍රණය වෙමින් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *