LOADING

Type to search

News

ජනාධිපති නන්දසේන ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කරලා… ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අවස්ථාවේ ද්විත්ව පුරවැසියෙකු බව තහවුරුවෙයි…

Share

මෙරට වත්මන් ජනාධිපති නන්දසේන ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කර ඇති බවත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අවස්ථාවේ ඔහු ද්විත්ව පුරවැසියෙකු බවත් මේ වනවිට තහවුරු වී තිබේ.

ඒ අද (08) නිකුත් වූ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් පුද්ගලයන්ගේ නවතම ලැයිස්තුවට අනුව ය.

ඒ අනුව ජනාධිපති නන්දසේනගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් වන්නේ 2020 මාර්තු 31න් අවසන් වන කාර්තුව වන විට භාණ්ඩාගාර ලේකම් වරයාට ලැබුණු නම් අනුව ය.

උක්ත ලයිස්තුව අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපති නන්දසේනගේ පුරවැසි භාවය නිල ලෙස ඉවත්ව ඇත්තේ 2020 මාර්තු 31න් පසුව ය. ඒ අනුව ඔහු පසුගිය ජනාධිපතිවරණය පැවති 2019 නොවැම්බර් 17 වන දින වනවිටත් ඇමරිකාවේ පුරවැසියෙකු ලෙස සිට ඇත.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ නීතිය අනුව ද්විත්ව පුරවැසියෙකුට මෙරට ජනාධිපතිවරයෙකු විය නොහැකි බැවින් එවැන්නෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේනම් එය ජනාධිපතිවරණ පතන උල්ලංඝණය කිරීමකි. එය මෙරට පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමකි. ඒ අනුව වත්මන් ජනාධිපති නන්දසේන යනු මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා කඩ කරමින්, රටත් ජනතාවත් මුලා කරමින් බලයට පැමිණි වංචණිකයෙකි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහට සිය මන්ත්‍රී ධුරය අහිමි වූයේද මෙලෙසම මැතිවරණ පනය උල්ලංඝණය කරමින් වංචණික ලෙස වංචණික ලෙස ද්විත්ව පුරවැසිභාවය තබා ගනිමින් මැතිවරණයට ඉදිරිපත් වීම නිසා ය.

1 Comment

  1. Lankikeya May 8, 2020

    Dan ohu wada paatan aragene atha. neethiya kriyaathmake keranne thibune wisheshyen macotai idiripath wunu ponne apekshakayantai aye welaawediy. Dan boruwata kaagahala wadak nahe.

    Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *