LOADING

Type to search

News

වීරවංශගේ සහ ඉරාජ්ගේ බොරු ප්‍රවෘත්ති ගැන ශ්‍රී ලංකාවේ එමිරේස්ට් තානාපති නිවේදනයක් නිකුත් කරයි

Share

එක්සත් ආරාබි එමිරේස්ට් රාජ්‍යයේ පාලක රජු විසින් එරට කොරෝනා ආසාධිතව මරණයට පත්වන්නන්ගේ සිරුරු භූමිදානය නොකිරීමට තිරණය කර ඇතැයි පවසමින් වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු මෙන්ම මේ වනවිට ජනාධිපති නන්දසේන රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක භූමිකාවද රඟ දක්වන විමල් වීරවංශ විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඉරාජ් වීරරත්න සිය පුද්ගලික ට්ව්ටර් ගිණුමෙහි ඉතාමත් අසත්‍ය ප්‍රවෘත්තීයක් පලකරමින් සිය අනුගාමිකයින් අතර බෙදා හැර තිබිණි.

මෙම ප්‍රවෘත්තිය නිර්මාණය කරමින් ඔවුන්ගේ පටු ජාතිවාදී වුවමනාවන් සන්තර්පණය කිරීමට ඔවුන් දෙදෙනා කටයුතු කර තිබිණි.

කොරෝනා මර්දන කටයුතුවලදී ආණ්ඩුව මුල සිටම බරපතලකම තේරුම් නොගෙන කටයුතු කළ අතර ගත යුතු තීරණ අවශ්‍ය මොහොතේ ගත්තේද නැත. රෝගීන් 28 දෙනෙකු හමුවන විටත් ජනාධිපති නන්දසේන රාජපක්ෂ සඳහන් කළේ, “යුද්දෙ කාලේ අච්චර මැරුණ, මෙච්චර මැරුණ රට ලොක් ඩවුන් කලේ නැහැ… මේ කොරෝනාවලින් 28ක් හමුවෙලා රට ලොක් ඩවුන් කරන්න ඕනද… මට ඕක ලොකු දෙයක් නෙවෙයි” වැනි පම්පෝරි කතා ය. එහෙත් මේ වනවිට කොරෝනා රෝගීන් 178 දෙනෙකු වාර්තා වී ඇති අතර පුද්ගලයින් 05 දෙනෙකුට සිය ජීවිතයද අහිමි වී තිබේ.

මේ වනවිට රට පුරා ඇඳිරිනීතිය යොදා ඇති අතර ගම්මාන රැසක් මුළුමනින්ම ලොක් ඩවුන් කර තිබේ.

විශේෂයෙන්ම කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, පුත්තලම සහ යාපනය දිස්ත්‍රික්ක 06ටම නැවත දැනුම් දෙන තුරු ඇඳිරිනීතිය පනවා ඇත. ගුවන්තොටුපොළ වසා දමා ඇත. එහෙත් එය වසා දැමූ මාර්තු 18 දිනට පසු දින, එනම් 19 වනදා මෙරටට පුද්ගලයින් පැමිණ තිබූ අතර ඔවුන් කිසිදු නිරෝදානයන කටයුත්තකට හො යොමු නොකර රට තුළට නිදහස් කර තිබිණි. මේ වනවිට වෛරසයට ආසාදනය වූවන් ලෙස එවන් පුද්ගලයින්ද හමුවී තිබේ.

ඇඳිරිනීතිය යටතේ වුවද එළවළු තොග, වෙළඳපොළවල් තුළ ඉතා විශාල වශයෙන් ජනයා ඒකරාශී වී සිටිනුද දක්නට ලැබේ.

උක්ත කරුණු සියල්ලගෙන්ම පෙන්නුම් කරන්නේ රට තුළ නීති පනවා ඇතත් එම නීති විවිධ කරුණු මුල් කරගනිමින් ලිහිල් කර ඇති ආකාරයයි.

එයට හොඳම උදාහරණයක් වන්නේ පොලිස් නිලධාරීන් ජනතාවට මුඛ ආවරණ පළඳින ලෙස නියෝග කරද්දී සෞඛ්‍ය බලධාරීන් මුඛ ආවරණ අනවශ්‍ය බව පැවසීමයි.

සතොස, සමූපකාරය වැනි තැන්වල පරිප්පු, සැමන් වැනි භාණ්ඩ අඩු මිලට නැති බවත් මිලදී ගැනීමට ඇති ආහාර ද්‍රව්‍යන්ගේ මිල ඉතාමත් අධික බවත් ජනතාව චෝදනා කරති.

අද (06) දිනද ඇඳිරිනීතිය තාවකාලිකව ඉවත් කළ සැනින් තම කනකර උකස් කර ගෙදරට අඩුම කුඩුම රැගෙන යාමට නගරයට පැමිණි බොහෝ දෙනෙකුට හිස් අතින් නිවසට යාමට සිදුවී තිබිණි.

එළවළු ගොවියාට තම අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව හූල්ලන්නට වි තිබෙන අතර එළවළු මිල ඉහළ යාම සහ අවශ්‍ය එළවළු නොමැති වීම තුළ පාරිභෝගික ජනතාවට හූල්ලන්ට සිදු වී ඇත.

මේ සියලු කරුණු කියාපාන්නේ නන්දසේන රාජපක්ෂ ආණ්ඩුවේද අසාර්ථක භාවයයි. මෙම තත්වය වසා ගැනීම සඳහා ආණ්ඩුව මේ වනවිට සියුම් ලෙස ජාතිවාදය වපුරවමින් සිටී.

කොරෝනා වෛරසය වැළඳී හුමුවන ආසාධිතයන් පිළිබඳ ප්‍රවෘත්ති පළ කිරිමේදී ඔහු කුමන ජාතිකත්වයකට අයිතිද යන්න ප්‍රචාරය කිරීමට ආණ්ඩු හිතවාදී මාධ්‍ය මුලින් කටයුතු කළ අතර එමගින් සියුම් ලෙස කොරෝනා අස්සේ ජනතා හිත් තුළට ජාතිවාදය කාන්දු කළේ ය.

ඉන් පසු කොරෝනා වැළඳී මියයන පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිර්දේශ මුළුමනින්ම අනුගමනය නොකර, අදාහනය සඳහා පමණක් අවස්ථාව දෙමින් නියෝග නිකුත් කළේ ය.

ඉන් පසු ඉස්ලාම් භක්තියන් සමග ගැටුමක් හදාගත් ආණ්ඩුව තවත් වටයකින් ජාතිවාදය රට තුළ මතු කළේ ය.

එය පදනම් කරගෙන විවිධ පුද්ගගයින්ට, දේශපාලන නායකයින්ට දැවැන්ත මඩ ව්‍යාපාරයක් ගෙන යාමටද රාජපක්ෂ හිතවාදීන් කටයුතු කළේ ය.

එම මඩ ව්‍යාපරයේ එක් අවස්ථාවකදී මෙලෙස එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පාලක රජු සම්බන්ධයෙන්ද බොරු ප්‍රවෘත්ති නිර්මාණය කර පල කරන්නට විය.

එම ප්‍රවෘත්තිය සාවද්‍ය ප්‍රවෘත්තියක් බව මේ වනවිටත් ශ්‍රී ලංකාවේ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සටියි.

මෙහි ඇති නරකම කරුණ වන්නේ වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරයෙකු මෙන්ම සමහර අවස්ථාවල ජනාධිපති නන්දසේන රාජපක්ෂගේ අදහස යැයි සඳහන් කරමින් ජනාධිපතිගේ මධ්‍ය ප්‍රකාශක භූමිකාවද රඟ දක්වන විමල් වීරවංශ විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක මෙම ප්‍රවෘත්තිය පළ කර තිබීමය.

අනෙක් නරකම කරුන වන්නේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඉරාජ් වීරරත්න සිය පුද්ගලික ට්ව්ටර් ගිණුමෙහි මෙම සාවද්‍ය ප්‍රවෘත්තිය පල කර තිබීමයි.

මේ තුළින් රාජතාන්ත්‍රික ගැටුමක්ද ඉස්මතුවන අතර රටේ වගකිවයුතු නිලතල දරන්නන් මෙවැනි ප්‍රකාශ සිදු කිරීම රටේ කීර්තිනාමයටද ඉතා බරපතල ලෙස හානි ගෙන දෙන්නකි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අදහස් පල කළ සමාජ විශ්ලේෂකයකු සඳහන් කර සිටියේ “වඳුරාට දැලිපිහිය අහුනා වගේ කියන්නේ ඔන්න ඕවට තමයි… නුසුදුස්සන්ට නුසුදුසු තනතුරු ලැබුනාම රටේම නම කැතවෙනවා කියන එක අහන්නත් දෙයක්ද… ඔය මිනිස්සු ගැන කතාකරන්නවත් මමනම් කැමති නැහැ…” යනුවෙනි.

1 Comment

  1. roville April 7, 2020

    අනේ ගොන් ඉරාජයෝ, කිකාන් රටවල් අතරේ අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකර, තෝ තොගේ වැඩක් බලාගෙන හිටපිය වහල් හපුටු පොට්ටු බල්ලා, තොට වැඩක් නැත්නම් ගිහින් සිල් බින්දගනින්, රට වනසන වහල් හැත්ත

    Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *