LOADING

Type to search

News

රාජ්‍ය නායකයන්ට මඩ ගැසූ ඉරාජ් සහ වීරවංශ තවමත් නිදැල්ලේ…

Share

එක්සත් ආරාබි එමිරේස්ට් රාජ්‍යයේ පාලක රජු විසින් එරට කොරෝනා ආසාධිතව මරණයට පත්වන්නන්ගේ සිරුරු භූමිදානය නොකිරීමට තිරණය කර ඇතැයි පවසමින් වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඉරාජ් වීරරත්න සම්බන්ධයෙන් මෙතෙක් නීතිමය ක්‍රියාමාර්ග ගෙන නැති අතර ඔවුන් නිදැල්ලේ සැරිසරමින් තව දුරටත් අසත්‍ය ප්‍රවෘත්තීයක් පලකරමින් සිය අනුගාමිකයින් අතර බෙදා හරමින් සිටිති.

මේ වනවිට ලෝකයටම බලපා ඇති කොරෝනා වෛරසය මර්දනය කිරීමේ ශ්‍රී ලංකාවේ ක්‍රියාදාමයටද එක්සත් ආරාබි එමීරයද සහයෝගය ලබාදෙමින් පවතින පසු බිමක එම රාජ්‍යයේ පාලකයා ගැන අසත්‍ය පුවත් ශ්‍රි ලංකාව තුළ ප්‍රචාරය කරමින් රාජතාන්ත්‍රික ගැටුමක් දක්වා අනවශ්‍ය තත්වයකට රටට මුහුණදීමට මගැ පෑදූ වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඉරාජ් වීරරත්න සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු ය.

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව ජනාධපති නන්දසේනට, මෝඩයාගේ දිනය ලෙස සැලකෙන අප්‍රේල් 01 කොලොප්පමක් කළ නර්තන ශිල්පිනියක් කුදලාගෙන ගොස් හිරේ දැමීමට තරම් මුග්ද වූ රාජපක්ෂ පාලනය රාජතාන්ත්‍රික ගැටුම් පවා නිර්මාණය වන අයුරින්, ජාතිවාදී අරමුණෙන් බොරු ප්‍රවෘත්ති පළ කළ අමාත්‍ය විමල් වීරවංශ සහ නන්දසේන පාලනයේ ඇම්බැට්ටයෙක් වන ඉරාජ් වීරරත්න සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම රටටත් රාජපක්ෂ පාලනයත් එතරම් ගුණදායක නැත.

එම නිසා රටත්, ජනතාවත්, රජයත් අනතුරේ හෙළමහින් කටයුතු කළ අමාත්‍ය විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඉරාජ් වීරරත්න වහාම අත්අඩංගුවට ගත යුතු ය.

ආශ්‍රිත පුවත් :- වීරවංශගේ සහ ඉරාජ්ගේ බොරු ප්‍රවෘත්ති ගැන ශ්‍රී ලංකාවේ එමිරේස්ට් තානාපති නිවේදනයක් නිකුත් කරයි

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *