LOADING

Type to search

News

මාධ්‍ය සන්දර්ශන දමා නිරෝදායනයට දුන් කාමර 150ක හෝටලය දිලිත් ජයවීර ආපසු ඉල්ලයි…

Share

තමන් කෝටිපතිවූයේ රුපියල් 500ක් රැගෙන කොළඹ පැමිණ යැයි නිරන්තරයෙන් පාරම්බාන මේ වනවිට මාධ්‍ය ආයතන, දැන්වීම් නිර්මාණය කිරීමේ ආයතන සහ වෙනත් ව්‍යාපාර රැසක් පවත්වාගෙන යන රටේ නම ගිය ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර මීට සති කිහිපයකට පෙර අඬබෙර ගසමින්, මාධ්‍ය සංදර්ණ පවත්වමින් රජයට ලබාදුන් කාමර 150කින් යුතු ‘සිට‍්‍රස්’ නම් තරු පන්තියේ සුපිරි සංචාරක හෝටලය යළි තමන් වෙත ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා ඇති බව වාර්තාවේ.

රට තුළ කොරෝනා වසංගත තත්වයක් පවතින බැවින් තම හෝටලය නිරෝදායන කටයුතු සඳහා ලබාදෙන්නේ යැයි පවසමින් දිලිත් ජයවීර විශාල ලෙස ප්‍රධාන මාධ්‍ය තුළත් සමාජ මාධ්‍ය තුළත් දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියේය. සමාජ මාධ්‍ය තුළ ප්‍රචාර සඳහා ඔහු වෙනම මුදලක්ද වෙන් කර තිබූ බව වාර්තා වේ.

කෙසේ වෙතත් තමන් පිළිබඳව සමාජය තුළ යහපත් චිත්‍රයක් පුම්බාගත් දිලිත් ජයවී රජයට පවරා දුන් සිය හෝටල යළි අත්පත්කරගෙන තිබේ.

පසුගිය රාජපක්ෂ සමයේ කොටස් වෙළඳපොළ ගනුදෙනු සම්බන්ධයෙන්ද දිලිත් ජයවීරට චෝදනා එල්ල වී තිබිනු නමුත් එම චෝදනා සම්බන්ධයෙන් පැවති රනිල්+මෛත්‍රී ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක නොකළ අතර පසුව එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු පවා සිදු කරගත්තේ දිලිත් ජයවීරගේ වෙළඳ ප්‍රචාරක ආයතනය මගිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *