LOADING

Type to search

News

නන්දසේනට ලොව 09 වෙනි තැන දුන් CMA Australia පොහොට්ටු අපේක්ෂක නාලක ගොඩහේවාගේ වැඩක්…

Share

කොරෝනා පිළිබඳ ඊයේ (15) සිට දර්ශක දෙකක් ශ්‍රී ලංකාවේ විද්යුත් හා සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා දකින්නට තිබේ. මෙයින් CMA Australia නමැති වාර්තාව මගින් එළිදක්වා තිබුනේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වන නන්දසේන රාජපක්ෂ ලොව 09 වන ස්ථානයේ කොරෝනා මර්දන්යේදී ලබා දුන් නායකත්වය ලෝක ශ්‍රේණි ගතකිරිමේදී සිටින බවයි.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය සහ එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන වැනි විශ්වාසනීය සංවිධානවලින් ලබාගත් රටවල් 150ක දත්ත උපයෝගී කරගනිමින් සිදු කර ඇති විශ්ලේෂණයකින් අනාවරණය කරන්නේ COVID – 19 සඳහා අධි අවදානම් සහිත රටවල් අතර ශ්‍රී ලංකාව 16 වන ස්ථානයට පත්ව ඇති බවයි.

එසේම මේ පිලිබදව වැඩිදුරටත් කරුණු සොයා යාමේදී නන්දසේන රාජපක්ෂ ලොව 09 වන ස්ථානයට පත් කළ CMA Australia නොහොත් (Institute of) Certified Management Accountants, Australia ආයතනයහි ශාකාවක් දැනට අවුරුදු විස්සක් විතර තිස්සේ ලංකාවේ ස්ථාපනය කොට ඇති බවත් එහි සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය නාලක ගොඩහේවා බවත් ඔහු CMA Australia හි උප සභාපතිවරයෙකු බවත් කරුණු මේ වනවිට අනාවරණය වී තිබේ.

CMA Australia කරපු මේ නවතම දර්ශකය GRID Index 2020 එක කියල තමයි මේක හඳුන්වල තියෙන්නේ. www.cmawebline.org හා www.themorning.lk වෙබ් සයිට් දෙක හා ජාතික රුපවාහිනිය මේ පිලිබදව වාර්තා කරනවා. cmawebline.org කියන වෙබ් අඩවියේ තියෙන ලිපිය බැලුවාම ඔවුන් ශ්‍රී ලංකාව ගැන තොරතුරු අරගෙන තියෙන්නේ healthreviewglobal.com  කියල වෙබ් අඩවියකින්.

https://healthreviewglobal.com/sri-lanka-coronavirus-updat…/

මේ වෙබ් අඩවිය පටන් අරන් තියෙන්නේ මාර්තු මාසයේ 19 වෙනිදා. ඒ කියන්නේ මාසයක් වත් පරණ නැති දත්ත සහිත වෙබ් අඩවියකින්. ඒ සයිට් එක කවුද කරන්නේ කියල වත් තොරතුරක් නැහැ. හැබැයි ඒකට දෙරණේ දිල්ත් ජයවීරගේ යම් සම්බන්ධයක් තියෙන බව කනින් කොනින් එමින් තියෙනවා. එහෙත් එය තහවුරු නැති ආරංචිමාර්ග පමණක් නිසා දැනට ඒ ගැන වැඩි යමක් කියන්නට අප උත්සාහ කරන්නේ නැත.

GRID Index 2020 නාලක ගොඩහේවා, CMA Australia, දෙරණ හා ජාතික රුපවාහිනිය එක්ව මැතිවරණය ඉල්ලක්ක කොට ගෙන බොරු දත්ත මත පදනම්ව කළ මවාපැමක්ද යන්න මේ වනවිට කතාබහට ලක්වී තිබෙනවා.

නන්දසේන රාජපක්ෂ කොරෝනා මර්ධනය කළ රාජ්‍ය නායකයින් අතර 09වන තැන සිටිතැයි පවසන එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරන්නේද මහාචාර්ය ජනක රණතුංග නැමැත්තෙකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය සහ එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන වැනි විශ්වාසනීය සංවිධානවලින් ලබාගත් රටවල් 150ක දත්ත උපයෝගී කරගනිමින් සිදු කර ඇති විශ්ලේෂණයේ අධි අවදානම් සහිත රටවල් තීරණය කිරීමේ රාමුවට ප්‍රධාන කාණ්ඩ හතරක් ඇතුළත් වී තිබේ. එනම් ආසාදන පැතිරීමේ අවදානම, රාජ්‍ය කළමනාකරණය, සෞඛ්‍ය සේවා කාර්යක්ෂමතාවය හා කලාපීය විශේෂිත අවදානම්යන කාණ්ඩ හතර ය.

ශ්‍රී ලංකාව තවමත් අවදානම් තත්වයක පවතින බවට වාර්තා කර තිබෙන කණ්ඩායම පර්යේෂණය පළ කර ඇත්තේ සුප්‍රකට ජාත්‍යන්තර සඟරාවක් වන ‘ෆෝර්බ්ස්’ හිය.

Deep Knowledge Global නමැති පර්යේෂණ ආයතනයක Margaretta Colangelo නමැති පර්යේෂිකාව ප්‍රසිද්ධ කර ඇති මෙම වාර්තාවේදී කොරෝනා පාලනය හොදින්ම කර ඇත්තේ ඊශ්‍රාලය බවට අගයා ඇත. ජර්මනිය, දකුණු කොරියාව හා ඕස්ට්‍රේලියාව ඊළග ස්ථානවලට තබා ඇත. පළමු 40 අතරේ හෝ ශ්‍රී ලංකාව නැත.

අවදානම් රටවල් අතර මුල් තැනට නම් කර ඇත්තේ ඉතාලියයි. දෙවැනියා ඇමරිකාව වන අතර බ්‍රිතාන්‍යය හා ස්පාඤ්ඥය වැඩිම අවදානම ඇති 03 හා 04 රටවල්ය. එම අවදානම් ලැයිස්තුවේ 15 ඉන්දියාව ලෙසත් 16 ශ්‍රී ලංකාව ලෙසත් ඔවුන් නම් කර ඇත. එම පර්යේෂකයින් ආසියා පැසිපික් කලාපයේ රටවල් 20ක් සැලකීමේදී ප්‍රසිද්ධ කර තිබෙන ලැයිස්තුවකට අනුව ආරක්ෂාව අතින් පහළ මට්ටමක සිටින රටවල් 08න් එකක් ලෙසද ශ්‍රී ලංකාව නම් කර ඇත. එයට අනුව ඉන්දියාව ඇත්තේ මැද මට්ටමකය. දකුණු කොරියාව ආසියානු කලාපයේ පළමු වැනියාය.

මෙම අවදානම් රටවල් නම් කිරීමේදී පර්යේෂකයන් සලකා බැලූ සාධක ලෙස දක්වා ඇත්තේ ඒඒ රටවල ආසාදන පැතිරීමේ අවදානම, රාජ්‍ය කළමනාකරණය, සෞඛ්‍ය සේවා කාර්යක්ෂමතාව සහ කලාපීය විශේෂිත අවදානම් තත්වය බව වාර්තාව තුළ පැහැදිලි කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය සහ එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන වැනි විශ්වාසනීය සංවිධානවලින් ලබාගත් රටවල් 150ක දත්ත උපයෝගී කරගනිමින් මෙම පර්යේෂකයින් මෙම පර්යේෂණය සිදු කර තිබීම විශේෂත්වයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය සහ එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන වැනි විශ්වාසනීය සංවිධානවලින් ලබාගත් රටවල් 150ක දත්ත උපයෝගී කරගනිමින් සිදු කර ඇති විශ්ලේෂණය සිදුකළ පර්යේෂක කණ්ඩායම.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *