LOADING

Type to search

News

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියන්නෙ නිකන්ද?

Share

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියන්නෙ නිකන්ද? බැසිල් සර් දුන්නලු බැටේ. වී මෝල් කාරයෝ කොරවෙන්න දුන්නලු.. මහා පරිමාන මෝල් පවරගන්නවා කීවලු. මේ දවස්වල ආන්ඩුවේ මරිමෝඩ වැඩ හින්ද බුකියේ අනාතවෙලා ඉන්න ළමයි ටික මේක දැකපු ගමන් ප්‍රීතියෙන් ඉපිලිලා දිගට හරහට පෝස්ට් දානවා.

කාටද බැසිල් කතා කලේ. ආණ්ඩුවේම මහාපරිමාන මොල් හිමියො දෙන්නෙකුට. මෙවර පොහොට්ටුවේ අපේක්ෂකයෝ දෙන්නෙකුට. සිරිපාල ගම්ලත් සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරාට. මාර සද්දයක් දැම්මේ නේද? මෙයාලා තමයි හාල් මාෆියාව පවතවාගෙන යන්නෙ.. ඇයි ඒක දන්නෙ නැද්ද? ඔතන අඩු ඩග්ලි සිරිසේන විතරයි. එයත් කවුද කියලා රටම දන්නවනේ.

මහා පරිමාන මෝල් හිමියෝ ඔක්කොම ආණ්ඩුවේ සෙට් එක. නිකන් මාධ්‍ය සංදර්ශණ විතරයි මේවා. හාල් මිල වැඩිලු. පාලන මිලට දෙන්නෙ නැතුලු. මෙහෙම ගියොත් මොල් රජයට පවරගන්න වෙනවලු.. ඔව් අපි කියන්නෙ බැසිල් මහත්තයාට කයිවාරු නැතුව කරලා පෙන්වන්න. වී ටික ගොවියාගෙන් සාධාරණ මිලකට අරන් සාධාරණ මිලකට සහල් පාරිභෝගිකයාට ලබාදෙන්න. ඒකට ඔය මාධය සංදර්ශන අවශ්‍ය නැහැ. බිමට බැහැල වැඩේ කරන්න.

අර නාරාහේන්පිට තොග කඩගානේ ජනාධිපතිවරයා ගිහින් හාල් මිල අඩු කලාද අදත් පාලන මිලට හාල් තියෙනවද? දැනටත් වෙළදපොලේ හාල් 110ට වැඩියි. ඒක දන්නෙ කඩේට බඩු ගන්න යන රටේ ජනතාව පමණයි. ජාතිය අමතලා සැමන්. පර්ප්පු අඩු කලාට කොහෙද ඒවා ගන්න තියෙන්නෙ. අන්න දැන් ඒවා එළියට එනවා පොහොට්ටුවේ ක්‍රියාකාරීන්ගෙ ගෙවල් වලින්. රටේම පොහොට්ටු ප්‍රබලයින්ගෙ ගෙවල් පරික්ෂා කලොත්නම් සැමන්, පරිප්පු තොගපිටින් හොයාගන්න පුළුවන් වෙයි.

අනිත් කාරණය තමයි දැන් ඔය ඊයේ(09) හමුදා නිලධාරියා කියපු සංඛ්‍යා ලේඛණ ගැන හොයලා බැලුවද? වී අලෙවි මණ්ඩලය ගන්න වි අවසානයේ යන්නෙත් ඔය ආණ්ඩුවේ මෝල්කාරයෝ සෙට් එකට තමයි.ඔහු කියනවා හාල් කිලෝ ලක්ෂ එක හමාරක් (150,000) තියෙනවා කියලා. ලංකාවේ පවුල් ලක්ෂ 60ක් ඉන්නවා. දැන් මේ හාල් කිලෝ ලක්ෂ එක හමාර (150000) ජනතාවට ලැබෙනකොට එක පවුලකනට හාල් කිලෝ තුනක්වත් ලැබෙන්නෙ නැහැ. ඔන්න ඕකයි ඇත්ත තත්වය.

මේ වෙලාවේ මෙම මාධ්‍ය සංදර්ශණ ආන්ඩුවේ රෙදි අපුල්ලන අයට හොදයි පොඩි චුන් එකක් ගන්න. අපිට කියන්න තියෙන්නෙ අර්බුදය ඔයාල හිතනවට වඩා දරුණුයි මහත්තයෝ. යන්න ගොවිබිම් වලට. යන්න දඹුල්ලට, බණ්ඩාරවෙලට. එතකොට තේරෙයි වවන්න වවන්න කියලා වගා සංග්‍රාම ගැන මාධ්‍ය සංදර්ශණ දාන අයට තම කණකර පවා උකස් කරලා වවපු ගොවියට මොකද වෙලා තියෙන්නෙ. ඔවුන්ට වහබොන්න වෙලා තියෙන්නෙ. අද දහස් ගණන් ළුලවළු හා පලතුරු ගොවිබිම් වලම විනාශවෙනවා. ඔය මහලොකු වැඩකාරයා බැසිල් මහත්තයාට පුළුවන්කමක් ලැබුනද රටේ මෙම නිෂ්පාදන ගොවියාගෙන් මිලදීගෙන පාරිභෝගිකයට ලැබෙන ක්‍රමයක් හදන්න. සමස්ථ ලංකා ගොවිජන සම්මේලන යෝජනා රාශියක් රජයට ඉදිරිපත් කලා. ඒවා ගැන කිසි අවධානයක් නැහැ. ඉන් එකක් තමි මේ මොහොතේ දුම්රිය පාවිච්චි කරලා මෙම එළවළු සහ පලතුරු රටපුරා බෙදාහරින්න පුළුවන්. නමුත් වැඩබැරි ටාසන්ලාට ඒවා කරන්න බැහැ.

‍කොරෝනා වෛරසය ලෝකයපුරා පැතිරෙනකොට රටේ ගුවන්තොටුපල ආරක්ෂා කරගන්න බැරිවුනඑකේ වන්දිය තමයි දැන් මේ රටක් හැටියට හැම මිනිහෙක්ම ගෙවන්නෙ. විදේශ කටයුතු ඇමති කීවේ (ජනවාරි 28) කාටවත් රටතුලට වෛරස්එක අරන් එන්න බැහැ ගුවන්තොටුපලේ මැෂින් සවිකරලා තියෙන්නෙ කියලා. කෝ දැන් ඒ සවිකලා කියපු මැෂින්. මාර්තු 09 ප්‍රථම රෝගියා ලංකාවෙන් වාර්තාවෙනවිට රටතුලට ඇතුල්වන හැමදෙනාම නිරෝධායනයකට ලක්කරන්න කියලා අපි කියනකොට ආන්ඩුව මොකද කලේ ඉතාලියෙන් කොරියාවෙන් එන අයට පමණක් නිරෝධායනය සීමාකලා. දැන් රට තුලින් හමුවන සෑම රෝගියක්ම මාර්තු 10න් පස්සෙ ඉන්දුකිසියාව, ජර්මනිය, ඩුබායි, ඉන්දියාව වගේ රටවල් වලින් ආව අය. ඉතිං මාර්තු 10 සිට රටට ඇතුලුවන සෑම අයෙක්ම නිරෝධායනයට යොමු කලානම් මේ වගේ තත්වයක් ඇතිවෙනවද?

ඒ නිසා අපිට කියන්නට ඇත්තේ ඩොලරය රැපියල් 200ත් පසුකරමින් යන මොහොතක කයිවාරු ගැසීම දැන්වත් නතර කරලා ඉන් සිදුවන ආර්ථික බලපෑම ගැන නිවැරදි තක්සේරු කිරීමක් සිදුකොට අනාගතයේ අපිට මුහුණදීමට සිදුවන බරපතල ආර්ථික අර්බුදයට අද ඉදලා තීන්දු තීරන ගන්න කියාය. සංචාරක කර්මාන්තයේ වැටීම, කර්මාන්ත අංශවල බිදවැටිම, දෛනික ආදායම් ලබන විශාල ජනතාවක් මේ වනවිට පත්වී ඇති තත්වය පිලිබදව නිසි ක්‍රියාමර්ග ගැනීමට අපි රටක් ලෙස අසමත්වන්නේනම් දැනට වඩා දරුණු සමාජ, ආරථික අර්බුද ගණනාවකට ඉදිරියේදී මුහුණදීමට සිදුවනු ඇත.

Sisira Kahawaththaගේ මුහුණු පොතෙන්

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියන්නෙ නිකන්ද? බැසිල් සර් දුන්නලු බැටේ. වී මෝල් කාරයෝ කොරවෙන්න…

Posted by Sisira Kahawaththa on Thursday, April 9, 2020

Leave a Comment

Your email address will not be published. Required fields are marked *