LOADING

Type to search

News

CIDය නිවසට එනවිට රවී කරුණානායක හැංගිලා…

Share

පැවති එජාප ශ්‍රී ලංකා හවුල් ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ රවී කරුණානායක සිය නිවසින් පිටව ගොස් සැඟවී සිටින බවට තොරතුරු වාර්තා වේ.

ඒ බව අනාවරණය වන්නේ ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07) එහි ගියද ඔහු එහි නොසිටීම තුළිනි.

මහ බැංකු බැඳුම්කර වංචාවේ 2016 වසරේ මාර්තු 29 වනදා සහ 31 වනදා පැවති බැඳුම්කර වෙන්දේසි දෙකේදී සිදු කළ වංචාවන්වලට අදාළව නීතිපති නිර්දේශ මත, පැවති එජාප ශ්‍රී ලංකා හවුල් ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ රවී කරුණානායක වහාම අත්අඩංගුවට ගන්නා ලසෙ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (06) නිකුත් කළාය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද උදෑසන 07.00 ට පමණ රවී කරුණානායකගේ බත්තරමුල්ල, රජමල්වත්ත මාවතේ පිහිටි නිවස වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් යන ලදී.

විනාඩි 45ක පමණ කාලයක් නිවසෙන් මෙපිට රැදී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අනතුරුව නිවස වෙත ගොස් පරීක්ෂා කරන ලදී.

කෙසේවෙතත් එම අවස්ථාවේදී රවී කරුණානායක මහතා එම නිවසේ රැඳී නොසිටි අතර ඔහු එම මොහොතේ සිටින ඉසව්වක් නිවසේ කිසිවෙකුත් දැන සිට නැත.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට අමතරව, හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුඅල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝෂියස් එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, ජෙෆ්රි ඇලෝෂියස්, රංජන් හුළුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන්, අජාන් ගාර්දිය පුංචිහේවා, සංගරපිලේලේ පදුමනාදන්, සේවක අර්ථසාධක අරමුදලේ ඉන්දික සමන් කුමාර යන අය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ලෙස නම් කර තිබේ.

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ බුද්ධික සරත්චන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට නියෝග කර නැති අතර පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමට සිතාසි නිකුත් කර තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *