LOADING

Type to search

News

නන්දසේනගේ ආණ්ඩුව අපූරුවට රටටම විනය පුරුදු කරයි… කොරෝනා අස්සේ ජොන්ස්ටන් ජනතාව රැස්කරමින් සාද පවත්වලා… මහින්දත් සහභාගී වෙලා…

Share

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා මේ වනවිට ලෝකය පුරා මෙන්ම ලංකාවේද විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

ඒ අනුව ජනතාව රැස්වන කිසිම ආකාරයක කටයුත්තක නියැලීමෙන් වළකින ලෙස මේ ඊයේ (20) දිනය වනවිටත් නියෝග කර තිබිණ. ඒ අතර සාද සංවිධානය කිරීම, විනෝද චාරිකා යාම, දේශපාලන රැස්වීම් පැවැත්වීම, විවාහ හා ආගමික උත්සව පැවැත්වීම ඇතුළු සියලුම ආකාරයේ ජනතා රැස්වීම් වාරණය කර තිබේ.

එහෙත් මෙම නියෝග නොතැකූ පාර්ලිමේන්තු මන්ත්‍රී හා නන්දසේන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් දැවැන්ත සාදයක් ඊයේ (20) රාත්‍රියේ සංවිධානය කර තිබුණි.

මෙම සාදයට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ජොන්ස්ටන්ගේ හිතවතුන් 120ක පමණ ප්‍රමාණයක් ආරාධනා ලැබ සහභාගී වී තිබුණේ ත්‍රිවිධ හමුදාව ඇතුළු වෛද්‍ය සේවයේ නිරත වන්නන් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා දරන අප්‍රමාණ වෙහෙසට නිගා කරමිනි.

පාලකයන් ආදර්ශමත් වියයුතු අවස්තාවක මෙලෙස නින්දාසහගත ලෙස පොහොට්ටුවේ දේශපාලකයන් කිහිප දෙනෙකුම හැසිරෙණු දක්නට ලැබීම කනගාටුවට කරුණකි.

කෑගල්ල ප්‍රදේශයේ පොහොට්ටු මන්ත්‍රීවරයෙකුද කොරෝනා රෝගය වැළදී සිටියදීම දේශපාලන රැස්වීම් ගණනාවකට සහභාගී වී තිබුණි.

එසේම තවත් කනගාටුවට කරුණක් වන්නේ ඊයේ සාදයකට සහභාගී වී සිටි තරුණ තරුණියන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සංවිධානය කළ මෙම දැවැන්ත සාදයට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගැනීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *