LOADING

Type to search

News

වමේ ගාය…!

Share

ජවිපෙ විසින් කරන #Corona මර්දන වැඩසටහන් පොදුජන පෙරමුණට සම්බන්ධ සාමාජිකයන්ගේ බරපතළ විවේචනයට ලක් වී තිබේ. නමුත් ඔවුන් කිසිසේත්ම මේ සම්බන්ධයෙන් බිය විය යුතු නැති නැති බව මගේ අදහසයි.

මේ #Corona මර්දන කටයුතු හේතුවෙන් ඊළඟට එන මැතිවරණවලදී අපට ඡන්ද වැඩි වේ යැයි අප කිසිසේත් විශ්වාස නොකරමු. එය අප අත්දැකීමෙන්ම දන්නා දෙයකි.

බස්නාහිර, දකුණ, නැගෙනහිර පළාත්වල ජනතා විමුක්ති පෙරමුණේ #රතුතරුව සහන සේවා බලකාය විසින් පහළොස් දහසකට අධික සාමාජිකයන් මාස තුනක් තිස්සේ කරන ලද අපේ රටේ ඉතිහාසයේ දන්නා දැවැන්තම සුබසාධන මෙහෙයුම අනුව අපට ඡන්ද ලබා දෙන්නේ නම් අඩුම වශයෙන් මෙම පළාත් තුනේ ජනතාව පරම්පරා තුනක්වත් එක දිගට ජවිපෙ බලයේ තබාගත යුතුය. නමුත් එය එසේ වූයේ නැත.

එම නිසා දැන් මේ සිදු කරන #Corona මර්දන කටයුතු තබා, ජවිපෙ මැදිහත්වීමෙන් #Corona මර්දන එන්නතක් සොයා ගත්තද, ඒ හේතුව නිසා ඊළඟ මැතිවරණයේදී ඡන්ද වැඩි වේ යැයි අපි විශ්වාස නොකරමු.

අප මේ කොරෝනා මර්දන කටයුතු කරන්නේ එකක් මෙය ලෝක පරිමාණ වසංගතයක් නිසාත්, අප රටේ රාජ්‍ය සහ අනිකුත් ආයතන පද්ධතිය විසින් #Corona මර්දනය කිරීමට දරන උත්සාහය යම් පිටිවහලක් විම සඳහාත්, එමෙන්ම අපේ වමේ සංස්කෘතියේ ලක්ෂණයක් නිසාත්ය.

එසේ නොමැතිව මෙයින් පෙරළා මැතිවරණ වාසියක් ලැබේයැයි බලාපොරොත්තුවක් සහිතව නොවේය. එමෙන්ම මා එසේ පවසන්නේ එය එසේ නොවන බව රටේ ජනතාවද ඇති තරම් ඔප්පු කර තිබෙන යථාර්ථයක් තුලය.එය හරියටම තමාට එරෙහිව සෑම ආකාරයකින් කටයුතු කරන ඉතාලිය ඇතුලු බොහෝ ධනපති රටවල් වලට කියුබානු වෛද්‍ය සේවකයන් #Corona මර්දනයට සහභාගිවෙනවා වැනි වැඩකි.

මෙම #Corona උවදුර තව මාස කිහිපයක ඇවෑමෙන් මර්දනයෙන් පසු නැවතත් අද කියුබාවෙන් ප්‍රයෝජන ලබන ඉතාලිය ඇතුළු බොහෝ රටවල් එක්සත් ජනපදයෙහි කියුබානු විරෝධී වැඩසටහනට සහාය දෙන බව කියුබාව හොඳින් දන්නා පරිදිම ලංකාවේ දේශපාලන යථාර්ථය ද ජවිපෙ හොදින් දනී.

ඒ බව දැන දැනත් කියුබාව ඉතාම අනතුරුදායක තත්ත්වයක් යටතේ තම වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්යමණ්ඩල දහස් ගණනක් මේ වනවිට ලොව පුරා රටවලට වෛරසය මර්දනය වෙනුවෙන් යවා තිබේ.

ඒ කියුබාවේ හැටිය. මේ ජවිපෙ හැටිය.

මෙය තරමක ගායක් ලෙස තේරුම් ගත්තද වරදක් නැත.

එම නිසා ජවිපෙ සාමාජික සහෝදර සහෝදරියන් විසින් සිදුකරනු ලබන කොරෝනා මර්දන වැඩසටහන් නිසා ඊළඟ මැතිවරණවලදී තමාට කිසියම් හෝ අවාසියක් ඇති වේ යැයි පොදුජන පෙරමුණේ සාමාජිකයන් කල්පනා කළ යුතු නැත.

අපේ රටේ බහුතර ජනතාවගේ හිස් වෙලාගත් වෛරස මර්දනය කිරීම සදහා මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඳුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීම තුළින් කළ නොහැකි බව වමේ දේශපාලන දැක්මක් ඇති ජවිපෙ නොදන්නවා නොවේ. ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමත්, සංවිධානය කිරීමත්, සටන් කිරීමත් ඇතුළු දහසකුත් එකක් දේ කළ යුතු බව දන්නා ජවිපෙ ඒ වෙනුවෙන් දේශපාලනය කරමින් සිටියි.

එම නිසා මෙම #Corona මර්දන වැඩ පිළිවෙලට බිය නොවන ලෙසත්, මෙය අපගේ හෘදසාක්ෂියට ඇහුම්කන් දීමක් ලෙසත්, විනෝදාංශයක් ලෙසත් වමේ ගායක් ලෙසත් පමණක් කරන දෙයක් ලෙසත් සලකන මෙන් පොදුජන පෙරමුණේ සාමාජික සාමාජිකාවන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

– D H වික්‍රමසිංහ –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *