LOADING

Type to search

News

“මම කිව්වා ණය අය කරන්න එපා කියලා… එත් බැංකු කළමණාකාරවරු ඒක අහන්නේ නැහැ….”

Share

“මම කිව්වා මාස 06ක් යනතුරු ණය අය කරන්න එපා කියලා… එත් බැංකු කළමණාකාරවරු ඒක අහන්නේ නැහැ….” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නුදුරේදීම කියනු ඇතැයි හැඟීයන පුවත් වාර්තා වේ.

ඒ පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින්, රටේ පවත්නා අර්බුදකාරී තත්වය හේතුවෙන් බැංකු හා මුල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය සඳහා සහන ලබාදෙන බව කළ ප්‍රකාශයකට අනුව ව්‍යාපාරික කටයුතු සඳහා ලබාගෙන ඇති ණය නැවත අයකර ගැනීම මාස හයකට අත්හිටුවීමට රජය තීරණය කර තිබීම සම්බන්ධයෙන් ගණුදෙනුකරුවන් මූල්‍ය ආයතනවලින් සිදුකළ විමසීමේදී බැංකු හා මූල්‍ය ආයතන ප්‍රධානීන් සිය ගණුදෙනුකරුවන්ට දක්වා ඇති ප්‍රතිචාර අනුව ය.

එහිදී බැංකු හා මුල්‍ය ආයතන ප්‍රධානීන් පෙන්වා දී ඇත්තේ මෙවැනි බරපතල තීන්දු කටවචනයකට පමණක් සිදුකළ නොහැකි බවයි.

ණය ලබාගෙන ඇති ව්‍යාපාරිකයන් අදාල මුල්‍ය ආයතනවලින් විමසීමේදී මුල්‍ය ආයතන පවසා ඇත්තේ ගැසට් පත්‍රයක් හරහා නීත්‍යනුකූල ලෙස රජයේ මෙම තීරණය ප්‍රකාශයට පත් කරන තුරු තමන්ට කිසිවක් සිදුකළ නොහැකි බවයි.

“කටකතාවලට ණය කපන්න බැහැ.., කෝ ගැසට් එක” යනුවෙන් මුල්‍ය ආයතන ප්‍රධානීන් සෘජුවම සිය ගනුදෙනුකරුවන්ගෙන් විමසා ඇත.

මාස හයකට ණය ගෙවීම් අත්හිටුවා ජනතාවට සහන සලසා ඇති බවට ප්‍රකාශ කරමින් ආණ්ඩුව කැම්පේන් කරමින් සිටී. ඒ අතර ජනාධිපතිවරයාගේ තීරණය තුට්ටුවකට මායිම් නොකරමින් බැංකු හා මුල්‍ය ආයතන සුපුරුදු පරිදි ණය අයකර ගනිමින් සිටී. අවසානයේ කොරෝනාවෙන් බැටකන මහජනතාවට සිදුව ඇත්තේ ණයත් ගෙවා ආණ්ඩුවේ කැම්පේන් එකත් අසා තෘප්තිමත් වීමටයි.

මේ සම්බන්ධයෙන් මේ වනවිට ණය ලබාගත් ව්‍යාපාරිකයන් පවසන්නේ අවසානයේ ජනාධිපතිවරයා ජාතිය අමතා “මම කිව්වා ණය අය කරන්න එපා කියලා… එත් බැංකු කළමණාකාරවරු ඒක අහන්නේ නැහැ….” යනුවෙන් පැවසුවහොත් පුදුමයට කරුණක් නොවනු බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *