LOADING

Type to search

News

ජයසුමනගේ “ක්ලෝරෝකුයින්” බෙහෙත බොරු… අනවශ්‍ය ලෙස මිලදී ගැනීමෙන් වළකින්න… රජයේ කොරෝනා මර්දන ව්‍යාපෘතිය අලකිරීමේ තැතක්දැයි සැකයක්…

Share

“කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….” යන ශීර්ෂයෙන් යුතුව පසුගියදා අමාත්‍ය විමල් වීරවංශගේ මූල්‍ය දායකත්වයෙන් නඩත්තුවන වෙබ් අඩවියක ඖෂධ විද්‍යා මහාචාර්යවරයෙකු යැයි කියාගන්නා චන්න ජයසුමන නැමැත්තා සඳහන් කරන්නේ යැයි පවසමින් පල කර තිබූනේ ක්ලෝරෝකුයින් නමැති ඖෂධය මෙම වෛරසය ආසාදනය වීම වළක්වන බවය.

එහෙත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ ක්ලෝරෝකුයින් නමැති ඖෂධය මෙම වෛරසය ආසාදනය වීම වළක්වන ඖෂධයක් නොවන බැවින් එය අනවශ්‍ය ලෙස මිලදී ගැනීමෙන් වලකින ලෙස ය.

එම ඖෂධය අලේවිකිරීම වලක්වමින් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝගයක්ද නිකුත් කර ඇත.

ඡන්ද ජයසුමන නැමැත්තා තම මුහුණු පොහොත හරහාද මෙම ප්‍රකාශය සිදු කර ඇති අතර ඔහුට හිතවත් සහ පොහොට්ටු පක්ෂයේ බොහෝ සමාජජාල ගිණුම්බවලද මෙම ප්‍රවෘත්තිය හුවමාරුවිය. මෙම ප්‍රකාශය බරපතල අපරාධයක් වන අතර චන්න ජයසුමන නැමැත්තා, තමන් ඖෂධ විද්‍යා මහාචාර්යවරයෙකු යැයි ඔහු කියාගන්නා බැවින් ජනතාව ඔහුව විශ්වාස කරන අතර ඇඳිරි නීතිය ඉවත්කිරීමෙන් පසු ඔසුසල්වලට යන ජනතාව එම ඖෂධය ඉල්ලා සිටින බවද වාර්තා වේ.

මෙම තත්වය තුළ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව “ක්ලෝරෝකුයින්” සහ “හයිඩ්‍රෝ ක්ලෝරෝකුයින්” නමැති ඖෂධ නිකුත් නොකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියලුම ඖෂධ ශාලා හිමිකරුවන්ටද දැනුම් දී ඇත.

කෙසේවුව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ වෛද්‍ය සභාවේ ඉල්ලීම මත “ක්ලෝරෝකුයින්” ඖෂධ පෙති ලක්ෂ  05ක් නිෂ්පාදනය කර භාරදුන් බවයි.

කොරෝනා වසංගතය මැඩලීම සඳහා මීට පෙර මැලේරියා වසංගතය මර්ධනයට යොදා ගත් කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් ඖෂධ ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි බව ඖෂධ විද්‍යා මහාචාර්යවරයෙකු යැයි පවසන චන්න ජයසුමන පවසා තිබිණි.

මිලෙන් ඉතා අඩු මෙම ඖෂධ පෙති මිලියන 03කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සතුව ඇතැයිද පළමු අදියරේදී රෝගීන් ලෙස හදුනා ගෙන ඇති අයට සහ ඔවුන් හා ගැටුණු අයට මෙම ඖෂධය ලබා දීම අප්‍රමාදීයව ඇරඹිය යුතු බවද ඔහු පවසා තිබිණි.

පහසුවෙන් ලබා ගත හැකි එකම බටහිර ඖෂධය කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් නිසා එය ලබා දීමේ වරදක් නොදකින බවද මහාචාර්යවරයා පවසා තිබිණි.

යම් හෙයකින් රජයේ නියෝගය නොතකා මෙම ඖෂධය කිනම් හෝ පුද්ගලයෙකුට ලබාදුනහොත් එය නීතිය උල්ලංඝණය කිරිමක් වන බවත් 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනතේ 131 වන වගන්තිය යටතේ ඔහුට හෝ ඇයට නඩු බරණු ලබව බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සින නිවේදනය මගින් වැඩිදුරටත් ද්නවා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Next Up