LOADING

Type to search

News

රතු කේරළයෙන් ඉගෙනගමු…

Share

කේරළ ප්‍රන්තය ඉන්දියාවේ බස්නාහිරට වන්නට පිහිටා තිබෙන ප්‍රාන්ත 22න් එකකි.
එහි ජනග්‍රහණය මිලියන 33ක් පමණ වේ.
ජන ඝනත්වය ව. කිලොමිටරයකට 860කි.
දකුණු ආසියවෙ වමේ බලයක් ඇති එකම ප්‍රදේශය මෙයයි.
මෙහි වමේ බලයක් ස්ථාපිත වන්නේ 1987 දීය (1957 මැතිවරණයෙන් ජය ලැබූවද 1959දී ජනපති පාලනය යටතට ගන්නා ලදී).
ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (CPI) යටතේ පාලනය වේ.

කේරළය ඉන්දියාවේ ජනගහනයෙන් 2.8% ක් වන නමුත් එහි ආර්ථිකය ඉන්දියානු ආර්ථිකයට 4% කට ආසන්න දායකත්වයක් සපයයි. මේ අනුව, කේරළ ප්‍රාන්තයේ ඒක පුද්ගල ආදායම ඉන්දියාවේ සාමාන්‍යයට වඩා 60% වැඩි ය.

වමේ බලය පිහිටුවද්දී ද්‍රරිධ්රතා සංක්‍යලේඛන තුල කේරළය සිටියේ 11/22 වන ස්ථානයේය.
දශක තුනක වමේ පාලනය යටතේ දරිද්‍රතාවය සම්පුර්ණයෙන්ම අතුගා දැමීමට හැකි විය.
දරිද්‍රතාවය පෙන්නන්න දත්ත පහත සඳහන් වේ.

වර්ෂය දරිද්‍රතාවයෙන් පෙළුන %ය ප්‍රාන්ත අතුරින්
1994 25% 12
2000 13% 13
2010 11% 18
2016 1.1% 22

2016 වසර වන විට සමස්ථ ඉන්දීය ජාතික දරිද්‍රතා අනුපාතය
27.50%ක් ලෙස පැවතිනි.
නමුත් කේර ප්‍රාන්තය එය 1.1%කට අවම කරගෙන තිබෙනවා. කේරළ ප්‍රාන්තයට ඉහලින් 21 වන ස්ථානයේ සිටින්නේ ගෝආ ප්‍රාන්තයයි ඒ ජාතික දරිද්‍රතා අනුපාතය 5.5%ක් ලෙස තබගනිමිනි. ඉහලින්ම සිටින්නේ බිහාර් ප්‍රාන්තයයි. ඒ 52.2% ක දර්ද්‍රතා අනුපාතයක් දක්වමිනි.

අධ්‍යාපනය, සෞක්‍ය, ප්‍රවාහන, ව්‍යාපාර හා තාක්ෂනය අතින් ඉන්දියාවේ ඉහලින්ම සිටින්නේ කේරළය ප්‍රාන්තයයි. එය වෙනම ඉන්දියාවකි.

අධ්‍යාපනය.

සාක්ෂරතාවය 96%යි. ඉන්දියවේ සාක්ෂරතාවය 74%යි.
අවුරුදු 14ක් අනිවාර්ය අධ්‍යාපනයක් දරුවන්ට ලබා දෙයි.
අවුරුදු 14ට අඩු දරුවන්ගෙන් 99.99% ක්ම අධ්‍යාපනය ලබනවා.
වසරය 10ක් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ සපයයි. සෑම ගමකටම අවම වශයෙන් එක් පාසලක් හෝ ඇත.
ප්‍රාන්තයට විශ්වවිද්‍යාල 19ක් ඇත.

සෞක්‍ය

ඉන්දියාවේ හොදම සෞක්‍ය සේවය ඇත්තේ කේරළය ප්‍රාන්තයේය.
බෝ වන රෝග 99.99%ක් ම පාලනය කර ඇත.
2025 වන විට සෞක්‍ය සේවය සම්පුර්ණයෙන්ම නිදහස් කිරීමට පාලකයින් තීරණය කර ඇත.
කුසගින්න නිසා හා ලේසියෙන් සුව කල හැකි රෝග වැළඳීම හේතුවෙන් ඉන්දියාවේ දිනකට අවුරුදු 10ට අඩු දරුවන් 10000ට වඩා මරණයට පත්වේ. නමුත් වසර 25ක් තිස්සේ එවන් කිසුදු මරණයක් වාර්තා වී නොමැත.

විද්‍යාව හා තාක්ෂනය

ඉන්දියාවේ බොහෝ පර්යේෂණ සිදු වන්නේ කේරල ප්‍රන්තයේය. ආසියාවේ විශාලතම තාක්ෂණ කලාපය පිහිටා ඇත්තේ කේරළය ප්‍රන්තයේය.
එමෙන්ම තාරකා විද්‍යාව හැදෑරීමට දකුණු ආසියාවේ පිහිටි විශාලතම මධ්‍යස්ථානය පිහිටා ඇත්තේද කෙරලයේය.

ඉන්දියාවේ ගුණාත්මකම
*මානව සංවර්ධනය
*අධ්‍යාපනය
*සෞක්‍ය
*ආහාර
*ආයු අපේක්ෂාව
*ව්‍යාපාර
ඇත්තේ කේරල ප්‍රන්තයටය.

පරිසරය

ලෝකයේ ලස්සනම පාරාදීස 10ය අතරට කේරළයේ මුන්නාර් පාරාදීසය නම් කර ඇත.
අඩි 4000ට වඩා උස කඳු හා අංශක 40ට වඩා වැඩි බැවුම් මිනිස් පරිශීලනයෙන් වෙන් කොට ඇත.

2050 වන විට ආසියාවේ බලවත්ම ප්‍රදේශ වලින් එකක් වනු ඇත.
මධ්‍යම රජයෙන් කොපමණ බාධා එල්ල කරද රතු කේරළය තම ජනයට යුක්තිගරුක දේශයක, සාධාරණ සමාජයක නිවහල්ව ජීවත් කරවීමේ වගකීම අකුරට ඉෂ්ට කරමින් සිටියි.


Leave a Comment

Your email address will not be published. Required fields are marked *