LOADING

Type to search

News

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කුඩු රජ දහනක් වෙයි

Share

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති එම කාර්යාලයටම අයත් වැටෙහි කොට තාප්පය හෙරෝයින් පානය කරන අයගේ රජ දහනක් වී ඇති බව වාර්තා වේ.

එම ස්ථානයේ තැනින් තැන හෙරෝයින් පානය කරන්නන් රැස්වී සිටින අයුරු මේ දිනවල එම ස්ථානයට යන ඕනෑම පුද්ගලයෙකුට දැකගන්නට ලැබෙන අතර එම දසුන් දකින බොහෝ දෙනෙකු පවසන්නේ තම ඉල්ලීම් ලබා ගැනීට විරෝධතාවල නියැලෙන රාජ්‍ය සේවකයන්ට ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පැමිණිම වැලැක්වීමට විවිධ බාධා යෙදුවද මෙම කුඩු මත්ද්‍රව්‍ය පානය කරන්නන්ට කිසිඳු බාධාවක් පවතින බව පෙනෙන්නට නොමැති බව ය.

එමෙන්ම දැඩි ආරක්ෂිත ස්තානයක් ලෙස පවතින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙලස හෙරෝයින් පානය කරන පුද්ගලයින් තැන තැන වැටී සිටීම තුළින්ම එහි ආරක්ෂිත තත්වයද මැනවින් පෙන්නුම් කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *