LOADING

Type to search

News

ජනාධිපති නන්දසේනගේ කුරුණෑගල නගරාධිපති කෝටි 28ක මගඩියක

Share

කුරුණෑගල පොදු වෙළද සංකීර්ණය සදහා නාගරික ඉන්ජිනේරුවරයා විසින් ඇස්තමේන්තු කර තිබෙන මුදල කෝටී 68ක් වන අතර කුරුණෑගල නගරාධිපති තුෂාර විතාරණ විසින් රුපියල් කෝටි 96ක මුදලකට එය ඇස්තමේන්තු කර ටෙන්ඩර් සඳහා ඉදිරිපත් කර ඇත. එය ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා 41%ක වැඩි වීමකි.

මෙම ඇස්තමේන්තුව සඳහා සිය අත්සන යොදන ලෙස නාලක නැමති ඉංජිනේරුවරයාට නගරාධිපතාවරයා දිගින් දිගටම සිදු කර ඇති බලපෑම හේතුවෙන් ඔහු සේවය හැරගොස් ඇති බවද වාර්තා වේ.

ඕනම ඇස්තමේන්තුවකදී ටෙන්ඩර් සඳහා ඉදිරිපත්වන මුදල එම ඇස්තමේන්තුවට වඩා 10%ක් හෝ ඊට වැඩි අගයක් නම් එය අමාත්‍යාංශයේ ටෙන්ඩර් කමිටුවට යොමු කර ඊට අදාළ අනුමැතිය ලබා ගත යුතුය. කෙසේ වෙතත් මේ සඳහා එවැනි කිසිඳු අනුමැතියක් ලබාගෙන නැත.

මෙම ඉදිකිරීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෝ වයඹ පළාතේ කිසිඳු ඉදිකිරීම් සමාගමකට ටෙන්ඩර් ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබා දී නැති අතර ඔවන්ගේ විවිධ අඩුපාඩු සඳහන් කරමින් ඔවුන්ව මගහැර තිබේ.

විශේෂයෙන් කුරුණෑගල එක් ඉදිකිරීම් සමාගමකට පමණක් මෙහි ඉදිකිරීම් සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර ඉට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ කලුවැල්ල ප්‍රදේශයේ කොන්ත්‍රාත් කරුවෙකුට මේ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇත.

කුරුණෑගල පොදු වෙළද සංකීර්ණය ඉදිකිරමින් ජනතා මුදල් යටිමඩි ගසාගැනීමේ වංචාව සඳහා කුරුණැගල නගරාධිපතිවරයා, මාර්ග සහ මහාමාර්ග හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සම ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් යන තිදෙනාම හවුල්වී ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම මහාපරිමාණ මුදල් වංචාවේ වැඩිම අවධානමක් ගන්නා නගරාධිපතිවරයාට රුපියල් කෝටි 10කුත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට රුපියල් කෝටි 10කුත් නගරාධිපතිවරයා රුපියල් කෝටි 08කුත් ලෙස බෙදී යන බව සමාජමාධ්‍ය වාර්තා කරයි.

සභාවේ මුදල් වැය කරමින් රුපියල් දෙකෝටි පහලොස් ලක්ෂයකි (රු. 25,000,000) වටිනා ජගුවර් රථයක් ඇණවුම් කර තිබුනේද මෙම නගරාධිපතිවරයා විසින්ම වන අතර ගිනිඅවි සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩුවක්ද අධිකරණයේ පවතින පුද්ගලයෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *