LOADING

Type to search

Gossip News

හොරුන්ට, දූෂිතයන්ට, තැබෑරුම්කාරයන්ට, ආගමික අන්තවාදීන්ට නාම යෝජනා දෙන්න එපා – කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියෝ ජනපති නන්දසේනට ලියයි

Share

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දූෂණ චෝදනාවලට ලක්වූවන්ට, භික්ෂූන් වහන්සේට, අන්‍යාගමික නියෝජිතයන්ට, මූලධර්මවාදී නිකායික නියෝජිතයන්ට, නළු නිලියන්ට, රූ රැජිණියන්ට, ගායක ගායිකාවන්ට, ක්‍රීඩකයින්ට, තැබෑරුම්කාරයින්ට, මත් ජාවාරම්කරුවන්ට නාම යෝජනා ලබා දීමෙන් වලකින ලෙස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ ජනාධිපති නන්දසේන රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර බේ.

කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියෝ මේ බව ලිඛිතවම ඉල්ලා ඇතත් බොහෝ නායක භික්ෂූන් වහන්සේලා පමණක් නොව මහා නායක හිමිපානන් වහන්සේලාද මෙම ඉල්ලිම අවස්ථා කිහිපයකදීම සිදු කර තිබේ.

විශේෂයෙන් ඉදිරි මැතිවරණවලදී පිළිපැදියයුතු කරුණු යැයි සඳහන් කරමින්, මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංග හිමි, අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ධම්මසිද්ධි හිමි, අමරපුර මහානිකායේ කොටුගොඩ ධම්මාවාස, රාමඤ්ඤ මහානිකායේ නාපාන පේමසිරි හිමි, කොළඹ අදරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, කොළඹ දියෝකීසිය ලංකා සභාවේ ඩිලෝරාජ් කනගසබේ රදගුරු හිමිපාණන්, සමස්ත ලංකා හින්දු සම්මේලනයේ ශ්‍රී වෛතීශ්වර කුරුක්කල් තුමා, ජමියාතුල් උලමා සභාවේ සභාපති මුෆ්ති එම්.අයි.එම් රිස්වි තුමා යන සර්ව ආගමික නායකන්ගේ අත්සනින් පසුගිය ජනාධිපතිවරණ සමයේදී සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් සඳහා නිර්දේශ මාලාව නිකුත් කර කරමින් ඉල්ලා සිටියේද උක්ත කරුණු ඇතුළුත් ඉල්ලීමකි.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් සභා ඡන්ද විමසීමේ පනත, පළාත් පාලන ඡන්ද විමසීමේ පනත හා වෙනත් අනුෂංගික පනත් සංශෝධනය කිරිමටද ඉන් යෝජනා කර තිබිණි.

විශේෂයෙන් මැතිවරණ සඳහා මුදල් යෙදවීම පාලනය හා නියාමනය කිරීම සඳහාත්, අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෝ වෘත්තීය සුදුසුකම්, වත්කම්, තමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ වත්කම්, මැතිවරණයට ඉදිරපත්වන මොහොත වනවිට වයස, එම අපේක්ෂකයා අධිකරණවලදී වරදකරුවෙකු වී ඇත්ද නැද්ද යන්න, අපේක්ෂකයාට එරෙහිව අධිකරණවල පවතින නඩු පිළිබඳව, තමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ අධිකරණවලදී වරදකරුවෙකු වී තිබෙද හෝ නඩු පවතින්නේද යන්න, අපේක්ෂකයාට රජයේ ආයතන සමග ව්‍යාපාර, කොන්ත්‍රාත් හෝ කවර ආකාරයක හෝ ගණුදෙනු ඇත්ද නැද්ද යන්න මැතිවරණ කොමිසම හරහා ඡන්දදායකයන්ට දැන ගැනීම පිනිස ප්‍රසිද්ධ කිරීම ඇතුළු කරුණු රැසක් මෙහි අන්තර්ගතව තිබිණි.

අධිකරණයේදී වරදකරුවෙකු වී ඇත්නම් ඔහුට අපේක්ෂකත්වය ලබා නොදිය යුතු බවදට මෙහි යෝජනා කර ඇත.

කෙසේ වෙතත් මෙම කරුණුවලට ඇහුම්කන් දෙමින් සැබෑ බෞද්ධයෙකු ලෙස නන්දසේන රාජපක්ෂ මහතා කටයුතු කළහොත් අද ඔහු වටා සිටින 90%ක් පමණ පිරිසකට නාමයෝජනා ලබාදීමට නොහැකි වනු ඇත.

තමන් සිංහල බෞද්ධ හා නීතිගරුක යැයි කියාගනිමින් නන්දසේන රාජපක්ෂ ජනාධිපතිවරයා පොරවාගෙන තිබෙන සළු පිළි ඔහුට එවැනි 90%ක් පමණ වන දූෂිත පිරිස හමුවේ ගලවා දැමීමට සිදු වනු ඇති බව බොහෝ දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

එහෙන්ම සර්ව ආගමික නායකයන්ටත්, සැමදා තමන් ඇහුම්කන් දුන්නේ යැයි පවසන රටේ ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලාටත් පිටුපා කටයුතු කිරීම ඇර නන්දසේන රාජපක්ෂ ජනාධිපතිවරයාට වෙනත් විකල්පවක් නැත. එම 90%ක් පමණ වන දූෂිතය පිරිස කෙසේ වෙතත් රටේම ප්‍රසිද්ධ තැබෑරුම් කරුවන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, අරුන්දික ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන වැන්නවුන්ට අපේක්ෂකත්වය ලබා නොදී සිටීමට හෝ තීරණයක් ගැනීමට ගෝඨාභය රාජපක්ෂට හැකියාවක් නැති බවද එම දේශපාලන විචාරකයෝ පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *