LOADING

Type to search

Gossip News

වෝහාරික වාර්තාව ගැන කට මැද දෙඩවූ විමල් වීරවංශගේ රෙදි ගැලවෙයි…

Share

පසුගියව රනිල් මෛත්‍රී පාලන සමයේ සිදු වූ මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්, සුලින් හඳුන්නෙත්ති සභාපති තුමාගේ මූලිකත්වයෙන් පැවති කෝප් විමර්ශනයේන් පසු මහ බැංකුවට කෝප් කමිටුව විසින් කළ නිර්දේශයක් අනුව සිදු කළ වෝහාරික විගණනයේ වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවට ලැබී ඇති අතර එය විවෘත් කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට දින නියමව තිබියදී ඊට පෙර පාර්ලිමේන්තුවේ වාර අවසාන කරණ ලදී.

එ් සම්බන්ධයෙන් රට තුළත් සමාජ මාධ්‍ය තුළත් දැඩි විවේචනයක් එල්ල වෙද්දී එම විවේචනය එල්ල කරන්නන්ව ඉතාමත් අවඥාවට ලක් කරමින් සහ ඔවුන්ව අපහාසයට ලක්වන අන්දමින් ඉතාමත් පහත් උපහාසයන් යොදාගනිමින් කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සැපයුම් අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තුව යළි කැඳවන ජනවාරි 03 එනම් අද දින එම වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.

එහෙත් අද දින එම වාර්තාව ඉදිරිපත් නොකළ අතර කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කර සිටියේ යළි කෝප් කමිටුව පිහිටුවන තුරු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බවයි.

කෙසේ නමුත් එම වාර්තාව සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට තීරණයක් ගැනීමේ නීතිමය බලයක් තිබෙන බවත් මෙහිදී හිටපු කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේ ය.

කෙසේ වෙතත් මෙම වාර්තාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පසුගිය 2019.12.03 වනදා පාර්ලිමේන්තුව කැඳවන දින කෝප් කමිටුව රැස්වීමට නියමිතව තිබුණද එදිනට පෙර එනම් 2019.12.02 මධ්‍යම රාත්‍රී 12න් පසු පාර්ලිමේන්තුවේ වාරඅවසාන කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරන ලදී. පසුගිය රනිල් මෛත්‍රී පාලන සමයේ සිදු වූ මහ බැංකු වංචාවේ සුල මුල හමුවෙන මෙම වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනතාවට පරිහරණය කළ හැකි ලේඛනයක් බවට පත් කිරීමට ඉඩ නොතබා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සම්බන්ධයෙන් ජනතා විරේධය දැඩිව එල්ලවෙද්දී එය සමනය කිරීම සඳහා විමල් වීරවංහ මහතා විසින් යළි පාර්ලිමේන්තුව රැස්වන අද (2020.01.03) එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සඳහන් කරණ ලදී.

ඉන් පසු ජනතා විරෝධය මදක් නතරවූ අතර අද දින එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමක් සිදු නොවුණි. ඒ අනුව විමල් වීරවංශ විසින් හිතාමතාම ජනතාව රැවටීමේ අරමුණෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බව පෙනී යයි.

මෙම බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වනවිටත් අධිකරණය මග හැර විදේශගතව සැඟව සිටින අතර එහි තවත් චූදිතයෙකු වූ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සභාපති ජෙෆ්රි ඇලෝසියස්ට රට යාම සඳහා වත්මන් රාජපක්ෂ ආණ්ඩුව යටතේ අධිකරණයෙන් අවසර හිමිවිය.

එහෙන්ම බැඳුම්කර නඩුවද ලබන මාර්තු 31ට කල් ගොස් තිබෙන අතර නඩුව කැඳවීමට පෙර එනම් මාර්තු 1ක හෝ 2ක අනිවාර්යෙන්ම පාර්මේන්තුව විසුරුවා හැර යළි පාර්ලිමේන්තු මැතිවරණයකට යාමටද නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *