LOADING

Type to search

News

වියත් මගේ නිර්දේශ අනුව මහින්දගේ 8 පාස් Makeup Artist, ITN අගමැති සම්බන්ධීකාරක කරයි

Share

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ Makeup Artist ලෙස කටයුතු කරන අනුර ජයසේකර නැමැත්තා ස්වාධින රූපවාහිනියේ අගමැති සම්බන්ධීකාරක ලෙස පත්කර ඇති බව වාර්තා වේ.

අවම වශයෙන් මෙවැනි තනතුරුකට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් හෝ නොමැතිව ඔහු මෙම තනතුරු සඳහා පත් කර ඇති අතර ඔහුගේ උපරිම අධ්‍යාපන සුදුසුකම වන්නේ 8 සමත්වීම පමණක් බවද වාර්තා වේ.

ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ හිස Massage කරන්නා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ ‍Makeup Artist ලෙසද කටයුතු කරයි.

මොහු 2015 වසර වන තෙක්ම ස්වාධීන රූපවාහිනියේ Makeup Artist ලෙස කටයතු කළ අතර 2015න් පසු, තමන්ට තවදුරටත් සේවය කළ නොහැකි බව පවසා 55 පිරීම හේතුවෙන් ETF – EPF ලබාගෙන සම්පූර්ණයෙන්ම සේවයෙන් විශ්‍රාම ගෙන ඉවත්ව ගිය අයෙකු බවද වාර්තා වේ.

ඔහු ස්වාධීන රූපවාහිනියෙන් ඉවත්ව ගොස් මහින්ද රාජපක්ෂ මහතා ලඟ දිගටම සේවය කළ සුවචයෙකු වන අතර පසුව 2018 පළාත් පාලන මැතිවරණයෙන් කෝට්ටේ නගර සභාව සඳහා ඔබේසේකරපුර දකුණ කොට්ඨාශයට පොහොට්ටුව ලකුණෙන් තරඟ කර පරාජයට පත්වූ අයෙකුද වේ.

කෙසේ වෙතත් වාර්තාවන තොරතුරු අනුව ජනාධිපති ගෝඨාභය නන්දසේන රාජපක්ෂ මහතා ජනතාවට පොරොන්දු වූ පරිදි රාජ්‍ය ආයත සඳහා ප්‍රධානීන් පත් කිරීමේදී වයත් මග සංවිධානයේ වියතුන්ගේ නිර්දේශයත් එම තනතුරු සඳහා පුද්ගලයින් පත් කිරීමට පිහිටවූ කමිටුවේ තේරීමත් මත මෙම පුද්ගලයා ස්වාධීන රූපවාහිනියේ අග්‍රාමාත්‍ය සම්බන්ධීකාරක ලෙස පත් කර ඇති බවය.

මොහු ස්වාධීන රූපවාහිනියේ ඇහැට කනට පෙණෙන ගැහැණු ළමුන්ට ඉතාමත් සමීපය කටයුතු කිරීමට ඇලුම් කමක් දක්වන බවද මේ අතර වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *