LOADING

Type to search

News

රදලියගොඩ මල්ලි වෙනුවට රදලියගොඩ අයියා පත් කරයි – නන්දසේනගේ වියත් මගෙන් තවත් වැඩක්

Share

රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ස්වාධීන රූපවාහිනී ආයතනයට ප්‍රවෘති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස, වංචා හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් අධිකරණමය කටයුතු තිබූ සුධර්මන් රදලියගොඩ පත් කිරීමට එම ආයතනය තුළිනුත්, සමාජ මාධ්‍ය තුළිනුත් එමෙන්ම සමාජයෙනුත් එල්ල වූ අතර එම හේතුවෙන් ඔහුව ඉන් ඉවත් කර ඒ වෙනුවට ඔහුගේ වැඩිමල් සහෝදරයා වන මංගල රදලියගොඩ එම තනතුර සඳහාම වැඩබැලීමට පත් කර ඇත.

මංගල රදලියගොඩ යනු සමාන්‍යෙපළ පමණක් සාමාන්‍යයෙන් ගොඩදාගත් අයෙකු වන අතර ඔහු ජනමාධ්‍ය සහතික පායමාලාවක් පමණක් හදාරා තිබේ. ඊට අමතරව ස්වාධීන රූපවාහිනී ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙසත්, පසුව ආයතනයේ සේවයෙකු ලෙසත් කටයුතු ඇත. එහෙත් එම ආයතනයේ අවුරුදු 30ක පමණ කාලක් රාජකාරි කටයුතු කළ උපාධිධාරීන් පවා සිටියදී විශේෂයෙන් ප්‍රවෘත්ති ක්ෂේත්‍රයේ පවා අත්දැකීම් රැසක් මෙන්ම පරිපාලන හැකියාවන්ද ඇති සුදුස්සන් ආයතනය තුළ සිටියදී මොහුව පත්කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් ආයතනය තුළ නොසන්සුන්තාවයක් ඇති කර තිබේ.

කෙසේ නමුත් අප වෙත වාර්තා වන්නේ මංගල රදලියගොඩ නැමැත්තා ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘති අංශයේ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස පත් කර ඇත්තේ විරෝධතා සමනය කිරීමට බවත් එහි සැබෑ ලෙසම කටයුතු කරන්නේ සුධර්මන් රදලියගොඩ බවත්ය.

එමෙන්ම වසරක් පමණ ගිය පසු මංගල රදලිය ගොඩ එහි වැඩබලන තනතුරේ සිට අත්දැම් ඇතැයි යන පදනමින් ස්ථීර කිරීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *