LOADING

Type to search

News

ජනාධිපති මාධ්‍ය අංශයේ බස් රථය අතුරුදන් වූ කතාව නන්දසේනගේ බොරුවක් – මෛත්‍රීගෙන් මාධ්‍ය නිවේදනයක්

Share

ජනාධිපති මාධ්‍ය අංශය සතුව තිබූ, ජංගම විකාශන කටයුතු සිදු කරන බස් රථය අතුරුදන් වී ඇති බවට පසුගියදා ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් පළ කළේ බොරු ප්‍රවෘත්තියක් බවත් එම රථය මේ වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථගාලක තිබෙන බවත් සඳහන් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් යොමු කරමින් සඳහන් කරයි.

අදාල බස් රථය අවස්ථා කිහිපයකදී අළුත්වැඩියා කටයුතු සිදුකළ නමුත් එය ජංගම විකාශන කටයුතු සඳහා භාවිතා කළ නොහැකි මට්ටමට පත්වූ බැවින් එම බස් රථය මාධ්‍ය කටයුතු සඳහා භාවිතා කිරීමෙන් ඉවත් කර එහි තිබූ උපකරන ජනාධිපති මාධ්‍ය අංශයේ ගබඩාව වෙත බාරදුන් බවත් බස් රථය මේ වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථ ගාලක ගාල්කර තිබෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙහි සත්‍ය තත්වය ජනාධිපති මාධ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් දන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *