LOADING

Type to search

News

චම්පික 02ක් S.M චන්ද්‍රසේන – රිය අනතුරක් සිදු කර පලා යයි – මව, පියා මරුට – කුඩා දියණියට බරපතලයි

Share

කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචිව සිටි පවුලක සැමියා, බිරිඳ හා දරුවා ගමන්ගත් යතුරුපැදියක වනජීවී අමාත්‍ය එස්.එ,ම්. චන්ද්‍රසේන මහතා පැදවූ රථය ඊයේ (16) රාත්‍රියේ ගැටීමෙන් යතුරුපැදිය පැදවූ පී. රංජන් කුමාර නමැති සිවිල් ආරක්ෂක නිලධාරියා අනතුර සිදුවූ ස්ථානයේම මියගොස් ඇති අතර අමාත්‍යවරයා අනතුර සිදුවූ ස්ථානයට ඔබ්බෙන් ඔහු පැදවු වාහනය අතහැර දමා වෙනත් රියකින් පලාගොස් තිබේ.

බරපතල තුවාල ලබා සිටි බිරිඳද අද (17) උදෑසන රෝහලේදී ජීවිතක්ෂයට පත්වූ අතර දරුවා පමණක් මේ වනවිට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මේ වනවිට අමාත්‍යවරයා තමන් රිය නොපදවූ බව පවසමින් වෙනත් රියදුරෙකු පොලිසියට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවටද වාර්තා වේ.

පසුගිය ආණ්ඩුව සමයේ එවකට අමාත්‍ය චම්පික රණවක මහතාද මෙලෙසම අනතුරක් සිදු කළ අතර වත්මන් ආණ්ඩුව බලයට පත්වූ වහාම එම අනතුර සම්බන්ධයෙන් චම්පික රනවක මහතාව අත්අඩංගුවට ගන්නා ලදී.

NT

Leave a Comment

Your email address will not be published. Required fields are marked *