LOADING

Type to search

News

මාධ්‍යවේදී ශ්‍රීලාල් ප්‍රියන්තගේ ජීවිතය අනතුරේ… ගෝඨාගෙන් දිගින් දිගටම තර්ජන…

Share

මාධ්‍යවේදියකු මෙන්ම ඊතලය මාසික සගරාවේ කර්තෘවරයාද වන ශ්‍රීලාල් ප්‍රියන්තගේ නිවසට නාදුණන කණ්ඩායමක් පැමිණ තර්ජනය කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂගේ සුදුවෑන් මාරයාට එරෙහිව ප්‍රබලව හඩක් නැගු ශ්‍රීලාල් සුදුවෑන් රථයකින් ගෝඨාභය කල්ලිය පැහැර ගෙන ගොස් වධහිංසනයට ලක්වු අයෙකුද වෙයි.

ශ්‍රී ලාල් ප්‍රියන්ත තම සගරාව මගින් පොලීසියෙත්, රජයෙත් දූෂණ, වංචා රැසක් හෙළිදරව් කර තිබුණි. විශේෂයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙන්ම ඒ පසුපස ගෝඨාභය ඇතුළු කල්ලිය ක්‍රියාත්මක වු අකාරය මෙන්ම ඒ හරහා බලය ලබා ගැනිමට කටයුතු කරන අකාරයද රටට අනාවරණය කර තිබුණි. මීට අමතරව ඇමරිකාවේ කැලිෆෝනියාවේ අධිකරණය හමුවේ ලසන්ත වික්‍රමතුංග දියණිය විසින් ගොනු කළ පෙත්සමට ගෝඨාභයගේ නීතිඥවරුන් උත්තර බැදිම හරහා රණවිරුවන් පාවදිම සම්බන්ධයෙන් කළ “මහා පාවාදීම” නැමති අනාවරණයද සිය පුවත් පත හරහා රටට අනාවරණය කිරිමට ශ්‍රීලාල් කටයුතු කළේය.

විවිධ අයුරින් ගෝඨාගේත් රාජපක්ෂ පවුලේත් අපරාධ රැසක් හෙළි කල ශ්‍රිලාල් ප්‍රියන්ත මේ වනවිට අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුමක් දියත් කර තිබේන බව වැඩිදුරටත් වාර්තා වේ.

ජනාධිපති සහ ආණ්ඩුව විවේචනය කරන අය අල්ලන්න විශේෂ එකකයක්…

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ රජයේ අඩුපාඩු, දුෂණ, වංචා මෙන්ම නාස්තිය වැනි කරුණු රටට හෙලිකරන කණ්ඩායම් සොයා ඔවුන් නිර්වින්දනය කිරිමේ විශේෂ එකකයක් මේ වනවිට ස්ථාපනය කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කරයි.

සුදුවෑන් පියා ලෙස හදුන්වන මේජර් ජෙනරාල් ජගත් අල්විස් ජාතික බුද්ධී ප්‍රධානියා (CNI) ලෙස පත්කර ඇති අතර ඔහු යටතේ මෙම එකකය පිහිටුවා තිබේ.

ඒ අනුව යුධ හමුදා, නවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක අංශ, බුද්ධී අංශ සියල්ලම ඔහුගේ එකකයට සම්බන්ධ කර තිබේන අතර ඒ හරහා ලැබෙන තොරතුරු අනුව ක්‍රියාත්මක විමේ බලයද ඔහුට ලබාදි තිබේ.

SLS

Leave a Comment

Your email address will not be published. Required fields are marked *