LOADING

Type to search

News

බැසිල් පොහොට්ටු සාමාජික හමුවත් මගහැර මව් රටට යයි…

Share

ජනාධිපතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් කැප වී කටයුතු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකවරු ඇතුළු නියෝජිතයින්ට ස්තූතිය පළකිරීමත් ඔවුන් ඇගයීමත් වෙනුවෙන් හමුවක් ඊයේ (04) බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේදී පවත්වා තිබේ.

ඊට බැසිල් රාජපක්ෂ මහතා සහභාගී නොවීම කාගේත් අවධානයට යොමුව ඇති අතර ඒ සම්බන්ධයෙන් පක්ෂය තුළද සාකච්ජා වෙමින් පවතින බව වාර්තා වේ.

2015 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය ගොඩනගන ලදී. ඒ අනුව එම පක්ෂය ගොඩනැගීමේ මහා මොළකරු බැසිල් රාජපක්ෂ මහතාය.

පසුගිය පළාත් පාලන මැතිවරණයද ජයග්‍රහණය කරවමින් රාජපක්ෂවරු යළි දේශපාලන කරළියේ ඉදිරියෙන් තැබීමේ මෙහෙයුම බැසිල් රාජපක්ෂ මහතා විසින් ආරම්භ කරන ලදී.

කෙසේවෙතත් මේ වනවිට ජනාධිපතිවරණ ජයග්‍රහණයත් අත්පත්කර ගෙන සිටින මොහොතකදී පවා බැසිල් රාජපක්ෂ මහතා පෙනෙන්නට නොමැති වීම පොහොට්ටුව තුළ පවතින ප්‍රශ්න සහගත බව නිරූපණය කරන්නක් වී තිබේ.

පොහොට්ටුවේ නිර්මාතෘවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පැවති සාමාජික හමුවට සහභාගී විය යුතුව තිබුණද එය මඟහැරීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව වාර්තා විය.

දිගින් දිගටම තමන්ව හා අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතාවද නොසලකා හරිමින් ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටීම ඊට හේතුව වී ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් එම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණ ඇති අතර සියලු දෙනාටම සාධාරණය ඉටුකරන බවට පොරොන්දුවක් දී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිටත් බැසිල් රාජපක්ෂ මහතා නත්තල් නිවාඩුව ගත කිරීම වෙනුවෙන් පවුලේ සාමාජිකයන්ද සමඟ ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබේ.
LNW

Leave a Comment

Your email address will not be published. Required fields are marked *