LOADING

Type to search

News

පොහොට්ටුවේ හාමුදුරුවරු විරුද්ධ, මොකද්ද මේ “හතේ අපේ පොත”

Share

පොහොට්ටු පක්ෂයේ භික්ෂූන් වහන්සේලාව මෙහෙයවනු ලබන ප්‍රධාන භික්ෂූන් වහන්සේ දෙනමක් වන මැදගොඩ අභයතිස්ස හිමි සහ ජාතික විද්වත් භික්ෂු සන්සඳයේ කැඳවුම්කරු මාදුරුඔයේ ධම්මිස්සර හිමි විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පාසල් දරුවන් වෙත බෙදා දී ඇති “හතේ අපේ පොත” නම් මහා භයානක පොතක් ගැන අනාවරණය කළේ ය.

මෙවැනි පොතක් පාසල්වලට බෙදා තිබේද? එසේනම් එහි අඩංගු මහා භයානක කරුණු මොනවාද යන්න පිළිබඳව අප විසින් සොයා බලනු ලැබීය.

කවදත් රට තුළ බොරු බිල්ලන් මවන එම භික්ෂූන් වහන්සේලා සඳහන් කරන පරිදි “හතේ අපේ පොත” යනුවෙන් කිසිඳු පොතක් පාසල් සිසුන් අතට එම ලැබී නැතිබව එම සොයාබැලීම අනුව අනාවරණය විය.

එවැනි පොතක් මුද්‍රණය කර ඇති අතර එය නවයොවින් වියේ පසුවන දරුවන් තුළ වර්ධන වන ලිංගික වෙනස් කම් සම්බන්ධයෙන් සහ ඒ තුළින් මතුවන කුතුහලය තුරන් කරන් කර මිත්‍යා මත සිත් තුළ ඔද්දල් වීමට නොදී නිවැරදි අධ්‍යාපනය ලබා දීම සඳහා සකස් කර ඇති විද්‍යනුකූල පොතකි.

කෙසේ වෙතත් පැවති ආණ්ඩුවේ වැනෙනසුළු භාවය නිසා එම පොත ළමුන් වෙත ලබාදී නැවැරදිව ලිංගික අධ්‍යාපනය ලබාදීමට කටයුතු නොකර තමන් මුද්‍රණය කළ පොත්ද ආපදු එකතුකර ගන්නා ලදී.

මේ වනවිට එම පොතේ PDF මුද්‍රණය අපවෙත ලැබී ඇති අතර අපි එය මෙහි පළකරන්නෙමු.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙලෙස පාසල් ළමුන් සඳහා ලිංගික අධ්‍යාපනය ලබාදීමට විරෝධය දක්වන මැදගොඩ අභයතිස්ස හිමි සහ ජාතික විද්වත් භික්ෂු සන්සඳයේ කැඳවුම්කරු මාදුරුඔයේ ධම්මිස්සර හිමි යන භික්ෂූන් වහන්සේලා දෙනම අතරින් මාදුරුඔයේ ධම්මිස්සර නම් භික්ෂුව වසය අවුරුදු 13ක කුඩා සාමනේර දෙනමකට අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිමිනමකි.

පොහොට්ටු පක්ෂයේ මෙන්ම එම පක්ෂයට අනුබද්ද විවිධ සංවිධානවල ඉදිරිපෙල ක්‍රියාකාරී නායක භික්ෂූන් වහන්සේ නමක් වන හෝකන්දර දකුණ, හෝකන්දර දක්ෂිනාරාම ද්වී භාෂා මූලික පිරිවෙනේ පරිවේනාධිපති ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර ස්වාමීන්වහන්සේට අමතරව එම පිරිවෙනේම වැඩ විසූ හී‍නපහුවේ සුමන හිමිද මෙම බරපතල අපරාධය සිදු කිරීම සම්බන්ධයෙන් පසුගිය 11 වනදා සහ 12 වනදා අත්අඩංගුවට ගෙන තිබූ අතර හිමිවරු දෙනම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2019 සැප්තැම්බර් 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ලදී.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි මන්ත්‍රීවරු සමග සමීප ඇසුරක් ඇති මෙම භික්ෂූන් වහන්සේ පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කළ භික්ෂූන් වහන්සේ නමකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *