LOADING

Type to search

News

ඔන්න අපේ ප්‍රධාන නාලිකාවල ප්‍රධානතම නිවෙදකයින්ගේ විදෙස් දැනුම… මේ අය තමයි රටේම මිනිස්සුන්ට කියන්නේ කරන්න ඕන දේවල්…

Share

මොහුගේ නම ජුලියන් අසන්ජේය…

ඊයේ (04) දින අලුත් පාර්ලිමේන්තුව වැඩ සටහන මෙහෙයවූ නිවේදකයාට අනුව ඔහු එංගලන්තයේ තිබු තානාපති කාර්යාලකට ඇතුළු වූ පසු පිටත පැමිණ ඇත්තේ ඔහුගේ මෘත ශරීරය ලු.

ඔන්න අපේ ප්‍රධාන නාලිකාවල ප්‍රධානතම නිවෙදකයින්ගේ විදෙස් දැනුම

හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහ පැවසුවේ, ජුලියන් අසන්ජේ රැකවරණ ලැබුවේ පේරු තානාපති කාර්යාලයේ බවයි. එයත් වැරදිය. ජුලියන් අසන්ජේ රැදී සිටියේ එංගලන්තයේ ලන්ඩන්වල තිබු ඉක්වදෝරයේ තානාපති කාර්යාලයේ බව නිවරදි කිරීමටවත් නිවේදකයාට දැනුවත් භාවයක් නොතිබූ අතර පසුව, පැමිණ සිටි සුදර්ශන ගුණවර්ධන විසින් ඔහු රැදී සිටියේ ඉක්වදෝරයේ බව නිවරදි කරන ලදී. එහෙත් ඔහු තවමත් ජිවතුන් අතර බව වැඩ සටහනේදී නිවේදකයා නිවැරදි කරේ නැත.

ජුලියන් අසාන්ජ් 2006 දී තවත් කීප දෙනෙකු හා එක්ව සුප්‍රකට විකිලික්ස් අඩවිය නිර්මාණය කළ අතර ඔවුන් වඩාත් ප්‍රසිද්ධියට පත් වුයේ 2010 දී ඇමරිකා එක්සත් ජනපද බුද්ධි අංශ නිලධාරිනී චෙල්සියා මැනිං හා එක්ව යුධ රහස් හා රාජ්‍ය රහස් ඇමරිකානු ආරක්ෂක පද්ධතිය වන පෙන්ටගන පරිගණක ජාලයට ඇතුලත් වී ලබා ගෙන ලොව පුරා ප්‍රසිද්ධ කිරිමත් සමගය.

ජුලියන් අසාන්ජ් විසින් ඇමරිකානු බුද්ධි අංශ නිලධාරිනි චෙල්සියා මැනිං හට ඇමරිකානු ආරක්ෂක පද්ධතිය වන පෙන්ටගන පරිගණක ජාලයට ඇතුලත් වීමට අවශ්‍ය වන රහස්‍ය වචනය සොයා ගැනීමේ ක්‍රියාවලියට සහය වී තිබිණි. පසුව චෙල්සියා මැනිං එසේ ලබාගත් යුධ රහස් හා රාජ්‍ය රහස් ඇතුලත් ලිපි මිලියනයක් පමණ ජුලියන් අසාන්ජ්ට ලබා දී ඇති අතර ඔහු සුප්‍රකට විකිලික්ස් යටතේ එය ලොව පුරා බෙදා හරිමින් මහත් ආන්දෝලනයක් සිදු කරන ලදී.

මෙම හෙළිදරව් සමග පරීක්ෂණ පැවැත්වූ ඇමරිකානු ආරක්ෂක අංශ ඇමරිකානු බුද්ධි අංශ නිලධාරිනි චෙල්සියා මැනිං අත් අඩංගුවට ගෙන යුධ අධිකරණයේ නඩු පැවරු අතර ඇය එහිදී වරද කරු විය. එමෙන්ම පසුව පැවරු අධිකරණ ක්‍රියාවලිවලට සහය නොවීමේ චෝදනා මත මේ වනවිට ඇය සිර දඬුවම් විදිමින් සිටියි.

ඇමරිකානු බුද්ධි අංශ නිලධාරිනි චෙල්සියා මැනිං හට සහය වූ හා විකිලික්ස් නිර්මාතෘ මෙන්ම එහි සම හිමිකරුවෙකුද වන ඒ වන විටත් බ්‍රිතාන්‍යයේ ජිවත් වූ ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීමට සහය වන ලෙස ඇමරිකාව විසින් තම මිත්‍ර පාක්ෂික රටවල්වලින් ඉල්ලා තිබුණි.

2010 අගෝස්තු මස ජුලියන් අසාන්ජ් ස්වීඩනයේ චාරිකාවක නිරත වූ අතර ඒ අතරතුර ඔහුගෙන් තමන්ට ලිංගික අතවර සිදු වුවේ යැයි ස්වීඩන් පොලිසිය වෙත කාන්තාවන් දෙදෙනෙකු පැමිණිලි කරමින් කියා සිටින ලදී. පසුව පොලිසියට කැදවූ ජුලියන් අසාන්ජ් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව මුදා හරින ලදී.

ඉන්පසුව ජුලියන් අසාන්ජ් නැවත බ්‍රිතාන්‍ය වෙත පැමිණි අතර පසුව 2010 නොවැම්බර් මස ස්වීඩන් පොලිසිය ජුලියන් අසාන්ජ් වෙත දන්වා සිටියේ තව දුරටත් ප්‍රශ්න කිරීම සදහා නැවතත් ස්වීඩන් පොලිසිය වෙත පැමිණෙන ලෙසෙය.

එහෙත් එසේ ස්වීඩන් පොලිසිය වෙත පැමිණීම ප්‍රතික්ෂේප කළ ජුලියන් අසාන්ජ් තමන් ස්වීඩන් පොලිසිය වෙත ගියහොත් තමන් අත්අඩංගුවට ගෙන ඇමරිකාවට පිටුවහල් කිරීමේ සැලසුමක් ඇතැයි පවසමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී ..

ජුලියන් අසාන්ජ් ස්වීඩන් පොලිසිය වෙත පැමිණීම ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන් අධිකරණයට ගොස් ඔහුව අත්අඩංගුවට ගැනීමට අන්තර් ජාතික වරෙන්තුවක් ලබා ගත් අතර එම අන්තර් ජාතික වරෙන්තුව පදනම් කරගෙන බ්‍රිතානයේදී තමන් අත්අඩංගුවට ගෙන ස්වීඩනය වෙත පිටුවහල් කරනු ඇතැයි බිය වූ ජුලියන් අසාන්ජ් බ්‍රිතාන්‍ය පොලිසිය වෙත බාර වූ අතර පසුව දින 10ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප මත නිදහස් කරන ලදී.

ජුලියන් අසාන්ජ් තමන්ව ස්වීඩනය වෙත පිටුවහල් කිරීම වලකන ලෙස නඩුවක් බ්‍රිතාන්‍ය අධිකරණයේ පැවරු අතර පසුව එම නඩුව ඔහු පරාජයට පත් විය. ඉන්පසුව ජුලියන් අසාන්ජ් 2012 ජුනි 19 දින බ්‍රිතානයේ පිහිටි ඉක්වදෝරයේ තානාපති කාර්යයාලයට ඇතුළු වූ අතර එදින පටන් පුරා දින 2487ක් තානාපති කාර්යයාලය තුළ රැඳී සිටින ලදී.
2012 ජුනි 19 දින ඉක්වදෝරයේ තානාපති කාර්යයාලයට ඇතුළු වූ ජුලියන් අසාන්ජ් ට 2012 අගෝස්තු වනවිට ඉක්වදෝරය දේශපලන රැකවරණ ලැබී තිබු අතර එහෙත් පසු කාලීනව බ්‍රිතානයේ පිහිටි ඉක්වදෝරයේ තානාපති අංශ හා ජුලියන් අසාන්ජ් අතර දුරස් වීම් ක්‍රම ක්‍රමයෙන් ඇති විය.

බ්‍රිතානයේ පිහිටි ඉක්වදෝරයේ තානාපති අංශ පැවසුවේ ජුලියන් අසාන්ජ්ගේ හැසිරීම් රටාවන් තමන්ට ගැටළුවක් බවයි. එමෙන්ම ජුලියන් අසාන්ජ් පැවසුවේ පසු කාලීනව බ්‍රිතානයේ පිහිටි ඉක්වදෝරයේ තානාපති අංශ හා ඉක්වදෝරය රජය, ඇමරිකානු උවමනාවලට ක්‍රියා කරන තත්වයන්ට පත් වී ඇති බවත් ඔහුගේ පහසුකම් කපා හරිමින් පවතින බවත් තමන්ගේ දින චර්යාවන් රහසින් වීඩියෝ ගත කරන බවයි.

2018 මාර්තු මසදී දී ඉක්වදෝරය විසින් චෝදනා කළේ තම තානාපති කාර්යයාලයේ සිට ජුලියන් අසාන්ජ් වෙනත් රටවල්වල කටුයුතු සදහා නොකඩවා ඇගිළි ගැසීම් සිදු කරමින් පවතින බවත්, විකිලික්ස් හරහා එම කරුණු ප්‍රසිද්ධ කරන බවයි. අවසානයේ බ්‍රිතානයේ පිහිටි ඉක්වදෝරයේ තානාපති අංශ හා ජුලියන් අසාන්ජ් අතර සබදතා තවත් දුරස් වෙමින් ඉක්වදෝර රජයේ ඉල්ලීම මත ජුලියන් අසාන්ජ්ගේ අන්තර්ජාල සබදතා බ්‍රිතානයේ පිහිටි ඉක්වදෝරයේ තානාපති කාර්යාලය විසින් 2018 මාර්තු මසදී ඉවත් කරන ලදී.

මේ තත්වය මත ජුලියන් අසාන්ජ් චෝදනා කළේ ඉක්වදෝරය වෙනත් රටවල්වල බලපෑම මත තම මානව හිමිකම් හා නිදහස අවහිර කර ඇති බවයි.

දිගින් දිගටම ඉක්වදෝරය හා ජුලියන් අසාන්ජ් අතර ඇති වූ අර්බුද අවසානයේ 2019 අප්‍රේල් 10වනදා ඉක්වදෝරයේ තානාපති කාර්යාලය බ්‍රිතාන්‍ය රජය වෙත දැනුම් දී සිටියේ ජුලියන් අසාන්ජ්ට තමන් ලබා දී තිබු දේශපලන රැකවරණ ඉවත් කරගත් බවයි.

ජුලියන් අසාන්ජ්ට ලබා දී තිබු දේශපලන රැකවරණ ඉක්වදෝරයේ ඉවත් කරගැනීමත් සමග ඔහුට එතෙක් දින 2487 හිමිව තිබු තානාපති වරප්‍රසාද ත් අහිමේ වීමේ හේතුවෙන් බ්‍රිතානයේ පිහිටි ඉක්වදෝරයේ තානාපති කාර්යාලයට තනාපති කාර්යාලයේ අවසරය මත ඇතුළු වූ පොලිස් නිලධාරීන් විසින් ජුලියන් අසාන්ජ් ව 2019 අප්‍රේල් 11 අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

පසුව බ්‍රිතන්‍ය අධිකරණයේ ඉදිරියේ 2019 මැයි 01 දින වරදකරු වීමෙන් ඔහු මේ මොහොත වනවිටත් සති 50ක සිර දඩුවමක් විදිමින් සිරගත ව සිටියි. ඒ අතරම මේ වසරේ නොවැම්බර් මස ස්වීඩන් පොලිසිය නිවේදනය කලේ ජුලියන් අසාන්ජ් වෙත තමන් ඉදිරිපත් කළ චෝදනා ඉවත් කර ගන්නා බවයි.

දෙසැම්බර් මස 05 දින සවස 4.00

ජෝසප් ඩයස් (Joseph Dias)

JSD News Line

අපගේ සටහන

ඊයේ (04) දින දේරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන මෙහෙයවනු ලැබූ මාධ්‍ය වේදියා වූයේ නීතීඥ සංඛ අමරජීත් මහතා වන අතර ඔහු විශේෂයෙන් උදෑසන පුවත්පත් සිරස්තල කියවීමේදීද් දෙරණ ප්‍රධාන ප්‍රවෘත්ති කියවීමේදීත් අදාළ ප්‍රවෘත්තිය පදනම් කරගෙන ජන මනස තුළ අනවශ්‍ය සහ භයානක පාරාවර්තනයන් ඇති කරන්නේකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *