LOADING

Type to search

News

18 අළුයම ගෝඨා ඇමරිකා පැනීමේ සූදානමක… ටිකටුත් බුක් කරයි…

Share

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් ව සිටින පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 18 වනදා අළුයම EK649 දරණ ගුවන්යානයෙන් ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සඳහා හොර රහසේම සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව අනාවරණය වේ.

මේ බව අනාවරණය වන්නේ සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන ප්‍රවෘත්ති සහ ඡායාරූප මගිණි.

ඒ අනුව ඔහු අංක EK649 දරණ ගුවන්යානයෙන් 18වන දින අළුයම 02.55ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත්වීමට නියමිත අතර එය එදින අළුයම 05.55 වනවිට ඩුබායි දක්වා පිසායර කරනු ඇත. ඉන් පසු අංක EK215 දරන ගුවන් යානයෙන් එදිනම පෙරවරු 08.30ට ඩුබායි සිට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර බලා පිටත්ව යාමට නිමිත අතර එය 18වනදා පස්වරු 01.50ට ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ලඟාවීමට නියමිතය.

සමාජජාල පුවත් අනාවරණය කරන පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමට ඇති ඉඩ කඩ ඉතා සීමත බව ඔහුට සමීප සියලුම සමීක්ෂණ වාර්තා පෙන්වා දී ඇත.

ඒ අනුව ඔහු ජනාධිපතිවරණය අවසන් වූ වහාම එනම් 18 වනදා අළුයම ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට සැලසුම් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙකි. ඔහුගේ බිරිඳ සහ දරුවන්ද ඇමරිකන් පුරවැසියන් වීම විශේෂත්වයකි.

මීට පෙර එනම් 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදීද එම මැතිවරණය මුළුමනින්ම මෙහෙයවනු ලැබූ එවකට ආර්ථික කටයුතු ඇමතිවරා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා ඡන්ද ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු හොර රහසේම රටින් පලා ගියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *