LOADING

Type to search

News

බොරු ප්‍රචාරයන්ට රැවටෙන්න එපා – ජාතික ජන බලවේගය

Share

මේ වන විට ජනතා විමුක්ති ‍‍පෙරමුණ පිළිබඳවත් ජාතික ජන බලවේගය පිළිබඳවත් විවිධ වැරදි මත බොරු ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට පටන් ගෙන තිබේ. සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් පාර්ශව විසින් දෙවැනි මනාපයක් පිළිබඳවද ගෝටාභය රාජපක්ෂ මහතාට හිතවත් පාර්ශව විසින් ජවිපෙ අත්සන් කළා යැයි කියන හොර ගිවිසුම් පිළිබඳවද විවිධ ප්‍රවෘත්ති මවමින් තිබේ. එම ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

දැන් රසකථා, භූතකථා, වගේම එක එක ජවනිකාද මවනවා. ඉදිරි පැය කිහිපයේ මොනවා වෙයිද දන්නේ නැහැ. දැන් විවිධ නාමවලින් එක එක ආයතන කරපු සමීක්ෂණ කියලා බොරු සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරනවා. කොළ-නිල් කඳවුරු දෙක තම අපේක්ෂකයන්ගේ වාසියට ඒ වගේ බොරු මවලා පෙන්වනවා.

මේ බොරුවට නැවත ඔබ අහුවෙන්න එපා. අවසන් තීරකයා ඔබයි. ඔබේ එක ඡන්දයකින් මේ රට වෙනස් කළ හැකියි. හෘදය සාක්ෂියට එකඟව ඡන්දය පාවිච්චි කරන්න. අපි දැන් වෙනස් වෙමු. ඒ බව ලෝකයටම පෙන්වමු. රටට නිවැරදි දිශාව පෙන්වන්නේ මාලිමාවයි.

(2019.11.12 දඹුල්ලේදී පැවැති මාධ්‍ය හමුවේදී විජිත හේරත් සහෝදරයා කළ ප්‍රකාශයකි.)

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ෆේස්බුක් පිටුවෙනි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *