LOADING

Type to search

Gossip

පුද්ගලික අංශයේ ප්‍රධානීනුත් AKD රැල්ලට…

Share

ලංකාවේ විශාලතම පුද්ගලික සමාගමක් වන Softlogic ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන Nasser Majeed මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් රෝයල් පාක් නඩුවේ ඝාතකයා නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව සෘජුවම සිය මතය ප්‍රකාශ කළ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතාගේ නිවේදනය උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ඉදිරි දින 4 ඇතුළත සජිත්, ගෝඨා සහ මහේෂ්ට සිය මතය සෘජුවම ප්‍රකාශ කරන ලෙසයි.

යමෙකුට හෝ ප්‍රජාවකට බලපාන සමාජ ගැටලුවකදී ඒ පිළිබඳව සෘජුව ස්ථාවරයක් ගැනීමට සැබෑ නායකයෙකුට හැකිවිය යුතු බවත් මෙම රෝයල් පාක් ඝාතකයාට නිදහස ලබාදීමට ජානාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව සිය මතය සෘජුව ප්‍රකාශ කිරීමට මේ වනවිට සමත් වූ කොන්දක් ඇති එකම නායකයා අනුර කුමාර දිසානායක මහතා බවද ඔහු අවධාරණය කරයි.

ඉදිරි දින 4 ඇතුළත මේ සම්බන්ධයෙන් වෙනත් කිසිවෙකුත් සෘජුව සිය මතය ප්‍රකාශ නොකරන්නේනම් තමන් සෘජුවම AKD සමග සිට ගන්නා බවද ඔහු අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *