LOADING

Type to search

News

ගෝඨා දිල්කාට කිව්වේ බොරුද?

Share

තමා කොළඹ තානාපති කාර්යාලයට ගිය බවත්, ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්න අයදුම් කළ බවත්. ඒ සඳහා මුදල් ගෙවූ රිසිට් පත සහ වෙනත් සහතිකයක් ඔහු පෙන්වනවා. දෙවෙනි සහතිකයෙන් ඔහු කියන්නේ මේ තමා මින්පසු ඇමරිකානු පුරවැසියෙකු නොවන බවට තමා වෙත ලබාදුන් සහතිකය බව.

නමුත් ඔහු පෙන්වන්නේ DS-4080 – Oath of Renunciation of the Nationality of the United States යන අයදුම් පත්‍රය.

නමුත් පුරවැසිකම අත්හැරීමේ සහතිකය DS-4083 – Certificate of Loss of Nationality of the United States යන්නයි.

මේ ක්‍රියාවලිය සඳහා DS-4079, DS-4080, DS-4081, DS-4082 සහ DS-4083 යන අයදුම් පත් පිරවිය යුතු අතර මේ සඳහා ඔහු විසින් පෙන්වාදෙන DS-4080 අයදුම් පතේ අග මෙසේ සඳහන් වෙනවා.

Note : A renunciation of United States nationality/citizenship is effective only upon approval by the U.S. Department of State but, when approved, the loss of nationality/citizenship occurs as of the date the above Oath/Affirmation was taken.

(සටහන: එක්සත් ජනපද ජාතිකත්වය / පුරවැසිභාවය අත්හැරීම බලපැවැත්වෙන්නේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත පමණි, නමුත් අනුමත වූ විට, ජාතිකත්වය / පුරවැසිභාවය අහිමි වීම සිදුවන්නේ ඉහත දිවුරුම / සහතිකය ලබාගත් දිනයටය.) ~ පරිවර්තනය Google Translate භාවිතයෙනි.

ගෝඨා කියවන පරිදි “අප්‍රියෙල් 17වනදා ඉඳලා තවදුරටත් ඔබ ඇමරිකානු පුරවැසියෙකු නොවෙයි” යන්න වැරදි කියවීමක්. එහි පැහැදිලිව සඳහන් කරනවා Only Upon Approval (අනුමැතිය මත පමණි) කියලා. ආදායම් බදු, දේපොළ සහ වත්කම් ප්‍රකාශ සහ එම සියළු කටයුතු සොයා බලන්න සහ අවසානයේ සහතික පත්‍රය නිකුත් කරන්න සෑහෙන කාලයක් ගතවෙනවා.

ගෝඨා / දිල්කා සාකච්ඡාව, ඉහත සඳහන් සියළුම අයදුම් පත්‍ර ලබාගත හැකි ඇමරිකානු රජයේ නිල වෙබ්අඩවියේ eforms state gov යටතේ ඇති Link සහ කවුන්සිලර් සේවයේ අයෙකු විසින් පළකරන ලද ජාතිකත්වය ඉවත්කරගැනීමේ ක්‍රියාවලිය පියවරෙන් පියවරට කෙරෙන ආකාරය දැක්වෙන විශේෂ ලිපියක් මෙහි පලකරනවා. ඒ සියල්ල පරික්ෂා කර ඔබ විසින් තීරණයක් ගන්න. එම ලිපිය

සැකය නිතරම තමන්ගේ වාසියට හරවාගන්න උත්සාහ කරන්න. එවිට ඔබට සත්‍යය දැනගන්න පුළුවන් වේවි

මාගේ පුරවැසිභාවය පිලිබඳව බොරු කටකතා පතුරුවන අයට පිලිතුරු ලෙස නොව, එම නොමග යවන කටකතා පිලිබඳව මාගෙන් සත්‍ය දැනගන්නට බලාපොරොත්තුව සිටින මහජනතාව වෙනුවෙන් මම මේ පැහැදිලි කිරිම ඉදිරිපත් කරමි. குடியுரிமை சம்பந்தமான இந்த விளக்கம் பொய்யான வதந்தியை பரப்புபவர்களுக்கு அல்ல,இது பிழையாக வழிநடத்தப்படும் மற்றும் என்னிடம் உண்மையை கேட்க விரும்பும் பொது மக்களின் நன்மைக்காக.This explanation on my citizenship is not for those who are making false allegations but for the benefit of the general public, who are being misled and wish to hear the truth from me.#VisionInAction #VoteGOTA

Posted by Gotabaya Rajapaksa on Monday, November 11, 2019

Oscar Nonisගේ මුහුණු පොතෙන්…

Leave a Comment

Your email address will not be published. Required fields are marked *