LOADING

Type to search

News

ගෝඨාගේ දිවුරුම්දීමට වැඩමකළ භික්ෂූන් වහන්සේලා දහසක් කලකිරෙති

Share

අභිනවයෙන් තේරී පත්වූ නව ජනාධිපතිවරයාගේ සිය ජනාධිපති ධුරයේ දිවුර්ම්දීමේ අවස්ථාවට ආරාධිතව සහ අනාරධිතව වැඩම කළ දහසකට අධික භික්ෂූන් වහන්සේලා දැඩි කලකිරීමකටත් කම්පාවකටත් පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අද (18) රුවන්වැලි මහා සෑ සමිදු අභියස එම භූමියේ සිදු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම දිවුරුම් දීමේ අවස්ථාවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනය මත පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යවරුන් වන රවී කරුණානායක, ලක්ෂමන් කිරිඇල්ල, ජෝන් අමරතුංග ඇතුළු අතලොස්සක් වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට එතනට රැස්ව සිටි ජනතාව විසින් තැන නොතැන නොබලා අශෝබන ලෙස හැසිරීම හේතුවෙනි.

එම දිවුරුම්දීමේ අවස්ථාවට වැඩම කළ බොහෝ භික්ෂූන් වහන්සේලාගේ මතව වී ඇත්තේ රුවන්වැලි මහා සෑ පරිශුය යනු තමන් වහන්සේලාට ජීවමාන බුරු සමිදු වැඩ සිටින ස්ථානයක් බඳු හැඟිමක් දනවන බැවිල් ඊට අදාල නිසි ගෞරවය සහිතව තමන් වහන්සේලා එම අවස්තාව සඳහා මහත් සතුටකින් වැඩම කළත් එහි සිදු වූ අපුල දනවන සිදුවීම හේතුවෙන් දැඩි කලකිරීමකටත්, දැඩි සංවේගයකටත් පත් වූ බවය.

පොහොට්ටු සාමාජිකයන් පහුගිය රැස්වීම්වලදී තමන් අකමැති පුද්ගලයෙකු මැතිවරණ වේදිකාවට ගොඩ වූ විට ඔහුට විරෝධය දැක්වීමට හූ කීමට නිදහස හා අවස්ථාව ඇතත් අනුරාධපුර රුවන්වැලි සෑ මහ මළුව යනු පොහොට්ටුවේ රැස්වීම් භූමියක් නොවන බව එම භික්ෂූන් වහන්සේලා අවධාරණය කරති.

එමෙන්ම මෙම භූමිය ජීවමාන බුදුන්රදුන් වැඩ සිටිනා හා සමාන භූමියක් බැවින් දැඩි සිංහල බෞද්ධ ආලයක් ඇති පිරිසක් බව තමන් විසින්ම අඟවාගන්නා පොහොට්ටු සාමාජිකයන්ට එම ස්ථානයේ හැසිරීමට වුවමනා ආකාරය කියාදීමටත් තම සාමාජිකයන් විනයක් සහිතව පාලනය කිරීමට කිසිම පොහොට්ටු නායකයෙකුට නොහැකිවීමත් ගැන තමන් වහන්සේලා දැඩි සේ කනගාටුවන බවද එහි වැඩම කළ මහා සංඟරත්නය අවධාරණය කරති.

බෞද්ධයෙක් තුළ තිබියයුතු ගුණයවත් පොහොටුවේ සාමාජිකයන්ට නැහැ…

බෞද්ධයෙක් තුළ තිබියයුතු ගුණයවත් පොහොටුවේ සාමාජිකයන්ට නැහැ…

Posted by ඉස්කුරුප්පු ඇණේ – iskuruppu ane on Monday, November 18, 2019

Leave a Comment

Your email address will not be published. Required fields are marked *