LOADING

Type to search

News

ගෝඨාගේ ජාතිවාදී අන්තවාදී කල්ලිය වැඩ අරඹයි…

Share

ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයත් සමග ඔහු වටා සිටි ආන්වාදී, ජාතිවාදී කණ්ඩායම් යළිත් හිස ඔසවන තත්වයකට පත්ව ඇත.

මෙහි එක් අවස්ථාවක් ලෙස අන්වාදී කණ්ඩායම් නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා අන්‍ය ජාතිකත්වයන් බියවැද්දීමේ තර්ජනාත්මක විරෝධතාවයක් සිදු කර තිබේ.

ගෝල්ෆේස් ක්‍රීඩාංගණය ආසන්නයේ වැනි පරිසරයක මොවුන් විසින් මෙම අන්‍ය ජාතිකත්වයන් බියවැද්දීමේ තර්ජනාත්මක විරෝධතාවය පවත්වන අතර එහිදී ඩෑන් ප්‍රියශාද් නැමැත්තා පවසන්නේ “සිංහලයන්ගේ ශක්තිය පෙන්නන්න යන්නේ උඹලට. මේ ආරම්භ කළා විතරයි. සියලුම සිංහලයන්ගේ ශකිත්ය දිනෙන් දින එන්නේ. නිදන් හිටපු ජාතිය උඹලම තමයි නැගිට්ටෝලා දුන්නේ. අපේ ජාතිය කෙනිත්තුව විතරයි උඹලා. අපේ ජාතියට ගැහුවනම් අද රටම උඹල විනාශයි. ඉදිරියේදී බලමු. ඉදිරියේදී උඹල කරන හැමදේටම මීට වැඩියේ ප්‍රති ප්‍රහාර දෙන්නේ. මගේ ක්‍රමය වෙනයි. ප්‍රතිප්‍රහාර දෙන්නේ උඹලට.” යනුවෙන්.

ඔහු එසේ කියනවාත් සමගම එතන එක්රැස්ව සිටි 10ක 15ක පමණ වන තරුණ පිරිස “සාදු සාදු සාදු” යනුවෙන් ප්‍රකාශ කළහ.

ඊයේ (16) පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් දිවුරුම් නැති අතර ඔහු හෙට පෙරවරුවේ රුවන්වැලි සෑ මහ මලුවේදී දිවුර්ම් දීමට නියමිතය. එවන් පසුබිමක මොවු මෙලෙස හැසිරීම රට යළිත් ලේ විළක් දක්වා දක්කාගෙන යාමේ පෙරමිණිමිති නොවේද?

අපි දෙන්නේ උඹලට ප්‍රති ප්‍රහාර…

අපි දෙන්නේ උඹලට ප්‍රති ප්‍රහාර…

Posted by ඉස්කුරුප්පු ඇණේ – iskuruppu ane on Sunday, November 17, 2019

Leave a Comment

Your email address will not be published. Required fields are marked *