LOADING

Type to search

News

කවුද මේ මහින්දානන්දගේ ෆුර්කාන් හාජ්ජියාර්

Share

දැනට පවතින ගෝඨාබයගේ 10%ක මහනුවර මුස්ලීම් ජන්ද ප්‍රමාණය 25% දක්වා වැඩිකරදීම වෙනුවෙන් මුස්ලිම් පාසලක් සහ හම්බන්තොට වරාය කෙන්ද්‍ර කරගෙන තේ වෙන්දේසි කිරීමේ මද්‍යස්ථානයක් ලබාදෙන බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා මහානුවර තේ වෙළෙඳුන්ට පවසන විඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා සංසරණය වෙමින් පවතී.

මේ පවසන පොරොන්දු පිටුපස ඇඟ සීතලවන කතාවක් ඇත. චායාරූපයේ රතුපාටින් රවුම්කර ඇත්තේ ගම්පල ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික ෆුරුක්කන් හාජ්ජියාර් නම් ව්‍යපාරික මහතාය.

අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන වීඩියෝවට අයත් මුස්ලිම් ව්‍යාපාරික හමුව පසුගිය සතියේ ෆුරුක්කන් හාජ්ජියාර් මහතාට අයත් ගම්පොල නිවසේ පැවැත්වූවකි.

ලංකාවේ 30%ක සෘජුව සහ වක්‍රව සිය ජිවිකාව සරිකරගන්නෙ තේ කර්මාන්තය ඇසුරිනි. පසුගිය සමයේ ලොව ප්‍රසිද්ධ ශ්‍රි ලංකාවේ සිලෝන් ටී නාමයට අපකීර්තියක් එක්වූයේ කසල තේ මිශ්‍රකර විකිණීම නිසාය. කසල තේ විකිණීම නිසා ශ්‍රි ලංකාවෙන් තේ මිලදීගැනීම ප්‍රතික්ෂේප වූ අවස්ථා බොහොමයක් තිබේ.

මේ කසල තේ බහුල වශයෙන් නොම්මර එකේ තේ සමග මිශ්‍ර කරන්නෙ මහනුවර ප්‍රදේශය ආශ්‍රයෙන් මුස්ලිම් ව්‍යාපරිකයන් පිරිසකි. ඉන් ප්‍රධානියෙක් වන්නෙ ෆුරුක්කන් හාජ්ජියාර්ය. ඔහුට අයත් විශාල කසල තේ තොග කිහිපයක් පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් අල්ලාගෙන ඇති අතර කෝටි ගනනක මුදල් යොදවමින් උසාවියෙන් විවිධ හේතු දක්වමින් ෆුරුක්කන් හාජ්ජියාර් ඒ සෑම අවස්ථාවකම නීතියෙන් ගැලවී ගොස් ඇත.

මහින්දානන්දගේ බිරිඳගේ සහෝදරයා වන අනුරාධ ජයරත්න සමග එක්ව ව්‍යාපාර කරගෙන යන ෆුරුක්කන් හාජ්ජියාර් මුලින්ම සිදුකලේ ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටි ඉඩම් මිලදීගෙන එවා අනවසර පිරවීම්කර කෝටිගනනින් අලෙවි කිරීමයි. මේවාට මහින්ද රාජපක්ෂ රජයෙන් නොමද සහයෝගය හිමිවිය. එකල සිටි අගමැතිවූ දී.මූ ජයරත්නගේ අගමැති බලයද මේ ව්‍යාපරවලට විශාල සවියක් විය.

ඒ අතරතුරම ලංකාවේ වැසීයමින් පැවති තේ කර්මාන්ත ශාලා සහා පැරණි තේ කර්මාන්ත ශාලා විශාල ප්‍රමානයක් මිලදීගෙන කසල තේ ව්‍යාපරයට අතගැසූ ඔහු විශාල මුදලක් ඒ හරහා උපයාගැනීමට සමත්විය.

මිලියන ගනනින් මුදල් දූෂිත නිලදාරින්ට ලබාදෙමින් කසල තේ ව්‍යාපාරය කරගෙන ගියද කොළඹ තේ වෙන්දේසිවලින් ඔවුන්ගේ තේවල ගුණාත්මක බව අඩු නිසා ප්‍රතික්ෂේප වූ අතර ඒ නිසා හම්බන්තොට ඔවුන් වෙනුවෙන් නව වෙන්දෙසියක් ආරම්භකර දෙන්නෙ මේ විශාල වංචාව කරදරයක් නොමැතිව කරගෙන යාම සඳහාය.

මහින්දානන්දගේ ජන්ද ව්‍යාපාරය වෙනුවෙන් මිලියන ගනනින් වියදම් කරන මේ පුරුක්කන් හාජ්ජියාර්ට මීලඟ මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තු යාමේ අවස්ථාව උදාකරදිමටද මහින්දානන්ද පොරොන්දු වී ඇති බව පැවසෙයි.

තම කුජීත දේශපාලන අරමුණු වෙනුවෙන් රටට විදේශ විණිමය ගෙන එන ව්‍යාපරයක් විනාස කර ලක්ෂ ගනණාවකගේ ජිවිත බිල්ලට දීමට ගෝඨාභය වෙනුවෙන් මහින්දානන්ද ඉදිරිපත්වී සිටී.

පොහොට්ටුව දිනවීමෙන් ජාතිය ශක්තිමත්කිරීමට බලාසිටින නංගිලා මල්ලිලාට දැං සතුටු ඇතුවාට සැක නැත.

මූලාශ්‍ර ලංකා ඊ නිවුස්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *