LOADING

Type to search

News

එජාප මන්ත්‍රී අනුරගේ සහයට එක් වෙයි – හලාවතදී වේදිකාවට ගොඩවෙයි

Share

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ප්‍රාදේශීය ක්‍රියාකාරින් ව සිටි හිටපු නගර සභා සභාපතිවරයෙක් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ 500කට අධික සාමාජික පිරිසක් පසුගිය 31 වනදා ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම සඳහා එක්වී තිබේ.

එසේ එක්වූ පිරිස අතර ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ හටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ස්ටීවන් ප්‍රනාන්දු මහතා සහ පුත්තලම නගර සභාවේ හිටපු නගරාධිපති ජැඩ්රොබ් මොහිදින් මහතා ඇතුළු පිරිසක් මෙලෙස අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම සඳහා හලාවතදී මැතිවරණ වේදිකාවට එක්වී ඇති අතර ඔවුන් සමග එක්සත් ජාතික පාක්ෂිකයන් 500කට අධික පිරිසක්ද එම රැලියට එක්වී ඇත.

මෙම මන්ත්‍රීවරු වංචා දූෂණ චෝදනා නොලද පිරිසිදු දේශපාලනයක නිරතවූ මන්ත්‍රීවරු වන අතර ඔවූහු ප්‍රදේශයේ ගෞරවයටද පාත්‍රවූවෝ වෙති.

එහිදී ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමේ ජන රැලිය ඇමතූ ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ හටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ස්ටීවන් ප්‍රනාන්දු මහතා…

“ඉදිරි මැතිවරණයෙන් පසු ජනතාවට සතුට උදාකරදීම සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂාවේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා අපි හැමදෙනාම එකතු වී සිටිනවා. නොයෙකුත් බාධක අවහිරතා මැද්දේ ඔබ සැම මේ ඇවිත් සිටින්නේ අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන්මයි. මම මේ වේදිකාවට අලුත් චරිතයක්. මෙතෙක් එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එක්වී සිටි, සියදහස් ගණනක් අපේක්ෂාවේ අපේක්ෂකයා වටා එක්රොක් වෙමින් සිටිනවා. මෙම ස්ථානයට සහභාගි නොවුණත් හලාවත ආසනයේ සෑම ගම්මානයක් සිසාරාම විශාල පිරිසක් ජාතික ජන බලවේගය වටා එක්රොක් වෙමින් සිටිනවා.

වසර 71ක් කාලය තුළ විවිධ බලාපොරොත්තු ඇතිව විවිධ පක්ෂවලට ඔබේ ඡන්දය පාවිච්චි කරන්න ඇති. නමුත් මේ ජනාධිපතිවරණයේදී අපේක්ෂාවේ අපේක්ෂකයා කෙරෙහි විශාල ආදරයක් ඇතිවී තිබෙන බව ඔබ සැමටත් මටත් ප්‍රකාශ කරන්න දැන් කාලය එළඹිලා. අපේ අම්මා, තාත්තා නිසා මම අවුරුදු 31ක් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීව හිටියා. දේශපාලනය පිළිබඳව නිවැරදිව තේරුම් ගන්න බැරිව, නිසි ගමන්මඟ සොයා ගන්න බැරිව, යහපතේ දිසාව සොයාගන්න බැරිව හිටියා. අවුරුදු 71ක් පුරා ආණ්ඩු 15ක් හදලා, ඒ ආණ්ඩුව හදලා මාසයක් යන්න ඉස්සෙල්ලා අපිට සිද්ධ වුණේ බැන බැන පාරේ ඇවිදින්න පමණයි. මම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය කරලා, මේ රටේ ජනතාවට සතුට උදාකර දිය නොහැකි වූ නිසා, අද මම ජාතික ජන බලවේගයත් සමග එකතු වුණා.

මේ රටේ ජනතාවට සතුට උදාකරදීම අපේක්ෂා කරන මිනිහෙක් හැටියට මේ රටේ ආදරණීය මව්වරුන්ගෙන්, පියවරුන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටින්නේ එකම දෙයයි. 2019 නොවැම්බර් 16 වැනිදා උදෑසන මේ දක්වා තමුන්නාන්සේලාට නැතිව ගිය ලෝකය, තමුන්නාන්සේලාට නැතිව ගිය සතුට අපි සියලු දෙනාගේ දරුවන්ට උදාකරදීම සඳහා ඡන්දය පාවිච්චි කරන්න කියා ඉල්ලා සිටිනවා. මමත් මේ ආසනයේ ජීවත්වෙන ධීවරයෙක්. ගෙවීගිය කාලය තුළ බලයේ සිටි ආණ්ඩු ධීවරයාට සැලකුවේ කොහොමද කියලා, අපි දන්නවා. වර්තමාන රජය නියෝජනය කරන ධීවර ඇමතිවරයා සමග එක වචනයක්වත් ධීවර සංගම් නියෝජනය කරමින් කථා කරන්න අවස්ථාව දුන්නේ නැහැ. අද ඉන්න කැබිනට් ධීවර ඇමතිවරයා සූඩයා, සාලයා, බලයා, කෙළවල්ලා හඳුනන්නේ නැහැ. අනික් පැත්තෙන් වැව්වල ජිවත්වන හුංගා, කාවයියා, හඳුනන්නේ නැති ධීවර ඇමතිවරයෙක්. එහෙම නම්, මේ රටේ ධීවර කර්මාන්තය ගෙනයන්නේ කොතනටද කියන එක ඉතා පැහැදිලියි. මේ වගේ විවිධ විෂයයන් විනාශ මුඛයට ඇදැදැමූ පාලනයෙන් රට මුදවා ගන්න 16 වැනිදා ඡන්දය පාවිච්චි කරන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපේ අනාගත පරපුරට ජයග්‍රහණ ලබාදිය හැක්කේ අනුර කුමාර දිසානායක මැතිතුමා ජයග්‍රහණය කරවීමෙන් පමණයි.”

1 Comment

  1. beachsex.biz November 30, 2019

    Nice post. I was checking constantly this blog and
    I’m impressed! Extremely useful info specially the last part 🙂 I care for such info a lot.
    I was looking for this certain information for
    a very long time. Thank you and best of luck.

    Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *