LOADING

Type to search

Gossip News

අනුර කියන ඇත්ත සහ ගෝඨා කියන බොරුව FACT CHECK තහවුරු කරයි

Share

මේ දිනවල ජනාධිපතිවරණ වේදිකාවේ ඒ ඒ අපේක්ෂකයන් රටේ සංවර්ධනයේ සෘණ සහ ධන ස්වභාවයන් පෙන්වීම සඳහා විවිධ ගණන් හිලව් සහිත දත්ත ගෙනහැර පාන අතර ඒවා කොතෙක් දුරට නිවැරදි භාවය යුක්ත දැයි ඩේලිමිර්ර් පුවත් පතේ FACT CHECK මගින් ජනතාව වෙත පෙන්වා දෙයි.

ඒ අනුව පසුගියදා ජනාධිපතිවර වේදිකාවේදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු වන ජාතික ජන බලවේග‍ෙයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ කරුණු දෙදෙකකට අදාළව වන සංඛ්‍යා දත්තවල සත්‍ය අසත්‍ය භාවය FACT CHECK මගින් පෙන්වා දී ඇත.

ඒ අනුව ඔවුන් තහවුරු කර ඇත්තේ අනුර කුමාර දිසානායක මහතා සිය මතය තහවුරු කිරීම සඳහා ගෙනහැර පෑ සංඛ්‍යා දත්ත නොඑසේනම් ගණන් හිලව් සත්‍ය බවයි. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මතය තහවුරු කිරීම සඳහා ගෙනහැර පෑ සංඛ්‍යා දත්ත සත්‍යයෙන් තොර බවද FACT CHECK අවධාරණය කරයි.

FACT CHECK තහවුරු කිරීම කෙටියෙන් මෙසේය…

ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර දිසානායක මහතා විසින් වසරකට වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමුන් 1,600ක් ලිංගික අතවරයන්ට ලක්වන බව පවසා ඇති අතර පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේදී උතුරේ ඉඩම් 90%ක් හමුදාවෙන් මුදාගෙන නැවත එහි හිමිකරුවන් වෙත ලබා දී ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශක ඇත.

එහෙත් FACT CHECK තහවුරු කරන්නේ අනුර දිසානායක මහතා විසින් රටට අනාවරණය කළ සංඛ්‍යා දත්ත, ශ්‍රී ලංකා පොලිසියේ බරපතල අපරාධ සාරාංශයේ (GCA) දත්ත අනුව ඉතාමන් නිවැරදි බවයි.

ඒ අනුව 2015 සිට 2018 දක්වා වාර්තා වූ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව වාර්ෂිකව 1,438 සිට 1,686 දක්වා පරාසයක වාර්තා වන බවත් මෙම කාලය තුළ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ පිළිබඳ සාමාන්‍ය වාර්තා 1,556 ක් බවත් එ් අනුව වසරකට ලංකාවේ ස්ත්‍රී දූෂණ 1,600ක් ප්‍රමාණයක් සිදුවන බවට අනුර කුමාර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශය නිවැරදි බවද FACT CHECK තහවුරු කරයි.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයේ අඩංගු සංඛ්‍යා දත්ත, ප්‍රතිසන්ධාන යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (SCRM)හි සහ ආරක්ෂක අමාත්‍යාංශයේ (MOD)හි දත්ත අනුව අසත්‍ය ප්‍රකාශයක් බවද FACT CHECK තහවුරු කරයි.

එම දත්ත අනුව යුද්ධය අවසානයේ හමුදාව විසින් අත්පත් කරගත් රජයේ සහ පෞද්ගලික ඉඩම්වලින් 2015 ජනවාරි වනවිට නිදහස් කර ඇත්තේ 35.2%ක් පමණි.

උතුරු පළාතේම නිදහස් කර ඇති ඉඩම් ප්‍රමාණය වන්නේ 69%ක් පමණි.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතාගේ සංඛ්‍ය දත්ත නිවැරදි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංඛ්‍ය බොරු බවත් FACT CHECK තහවුරු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *