LOADING

Type to search

News

මහින්දගේ කුමන්ත්‍රණයක් – පොහොට්ටුව දෙදරයි – ගෝඨා විසිවෙයි – චමල් ඇප බඳයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කර තිබේ.

ඒ මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් පොහොට්ටුව පක්ෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර ඇති පසුබිමකය.

චමල් රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් වන අතර එය පොහොට්ටු පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කර ගත් එකඟතාවය මත පිහිටුවාගනු ලැබූ සන්ධානයයි.

මෙලෙස කඩිමුඩියේ චමල් රාජපක්ෂ මහතා ඇප තැන්පත් කිරීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්ව ඇති අතර බොහෝ දෙනෙකු පවසන්නේ මහින්ද රාජපක්ෂ විසින් අඹරණ ලද ගැටයකට ගෝඨාභය රාජපක්ෂ මහතා හසුවූ බවයි.

ගෝඨාබය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම් පත සහ ද්විත්ව පුරවැසිභාවය සනාථ කරන බලපත්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සමේ තීරනය තව සුළු මොහොතකින් පැමිණිමට නියමිත අතර එය පැමිණෙන තුරු නොසිට මෙලෙස ඇප තැන්පත්කිරීමෙන් රටට ලාබා දී ඇති සඥ්‍යාව වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා කිසිසේත් ඉදිරිප්ත නොකරණ බවය.

තව සුළු මොහොතකින් පැැමිණීමට නියමිත තීන්දුව අවාසිවේයැයි සැකයක් හේතුවෙන් මෙලෙස චමල් රාජපක්ෂ මහතා ඇප තැන්පත් කළේ නම් ඒ සඳහා මෙතරම් කලබලක් නොවී හෙට (05) දිනය පුරාමත් අනිද්දා (06) දවසල් 12.00 වන තුරුත් ඇප තැන්පත් කිරීමේ කාලය ඇති බැවින් ඒ අතරතුර ඇප තැන්පත් කිරීමට හැකියාව තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ මොහොතේ සිට ඔහුට ජනාධිපති අපේක්ෂකයෙකුගේ පෞර්ෂයෙන් යුතුව ඉදිරියට පැමිණීමට අවශ්‍ය වකාශය මහින්ද රාජපක්ෂ විසින් සකස් කර නොදුන් අතර නිරන්තරයෙන් මහින්ද රාජපක්ෂ මහතා හෝ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගෝඨාභයට ඉදිරියෙන් සිටියේය.

ගෝඨාභයට මාධ්‍යවලට මුහුණදීමට තිබූ අවස්ථා දැඩි ලෙස සීමා කර තිබූ අතර ඔහුගේ ප්‍රචාරක පුවරු හා පෝස්ටර් පවා ඉවත් කරන ලදී.

මෙය සම්පූර්ණයෙන් මහින්ද, ශිරන්ති සහ නාමල් තුන්කට්ටුවේ කුමන්ත්‍රණයක් වන අතර ගෝඨාභය රාජපක්ෂ උස්සා පොළවේ ගමා කුඩු පට්ටම් කර දැමීමකි.

ගෝටාභය රාජපක්ෂ මහතා විදේස්ගතවීමට අධිකරණයේ අවසර ඉල්ලා සිටින්නේද මේ අතර තුර වීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *