LOADING

Type to search

News

සාෆි ගැන කළේ පොහොට්ටුවේ නාටකයක් – ගෝඨාගේ නීති උපදේශකම පිළිගනී !

Share

පසුගිය දිනවල රට තුළමහත් ආන්දෝලනයක් ඇති කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතා විසින් සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳභාවයට පත් කරන ලදැයි චෝදනා කරමින් කළ සිද්ධිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාණයක් බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන නීති උපදේශක මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් ප්‍රකාශිතවම පිළිගෙන තිබේ.

“සියලු අන්තවාදීන් හා ජාතිවාදීන් පරාජය කලයුතුය. විවිධත්වය ශක්තියක් කරගතයුතුය. මානසික රෝගීන්ට පුතිකාර කලයුතුය!” යනුවෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ ඒ මහතා කළ සටහනක් අරබයා මතුවූ සංවාදයකදී “සාෆි නාටකය පොහොට්ටුවේ වැඩක්” බව මෙන්ම අනෙකුත් දේශපාලන පක්ෂවලට වඩා පොහොට්ටුව තුළ අන්තවාදීන් සිටින බවත් ඒ මහතා පිළිගෙන ඇත.

අලි සබ්‍රි මහතාගේ සටහන පිළිබඳව “අනෙකුත් පක්ෂ සමඟ සන්සන්දනය කිරීමේදී පොහොට්ටුව අන්තවාදීන්ගෙන් පිරිලා, ඔවුන් තමයි සාෆි නාටකයත් නිර්මාණය කළේ” යනුවෙන් ලැබී තිබුණු ප්‍රතිචාරයකට පිළිතුරු දෙමින් අලි සබ්‍රි මහතා ඉතා පැහැදිලිව සඳහන් කර ඇත්තේ “ඔව්, මම පිළිගන්නවා. ඒකට තමයි අභ්‍යන්තර සංවාදයක් ඕනේ, ඒක දැනටත් සිදුවෙමින් තියෙනවා. නිරාගමික සාමාජිකයින් ඉවත්වීම මීට විසඳුමක් නෙවෙයි” යනුවෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *