LOADING

Type to search

News

සහරාන්, හිස්බුල්ලා, හිරු, දෙරණ සහ ගෝඨා සම්බන්ධය දයාන් ජයතිලක හෙළිකරයි…

Share

ප්‍රකට දේශපාලන විචාරකයෙකු ආචාර්ය දයාන් ජයතිලක විසින් සිය මුහුණු පොතට එක් කර තිබෙන සටහන විවාදාත්මක තත්ත්වයක් මතුකර තිබේ.

මහින්ද සුලඟ නමින් රාජපක්ෂ පිල ජන රැලි පැවැත්වූ සමයේ විශ්‍රාමික ජනාධිපතිවරයාගේ ප්‍රකාශ එම රැලිවලදී ප්‍රකාශයට පත් කළ පුද්ගලයාද වන්නේ ආචාර්ය දයාන් ජයතිලක ය.

එමෙන්ම එකල ගෝඨාභය රාජපක්ෂ ප්‍රමෝට් කිරීමේ වියත්මග ආදී සංවිධානවලද ප්‍රධාන කථිකයෙක් වූයේ මෙම දයාන් ජයතිලක මහතාය.

එම දායාන් ජයතිලක, පසුගිය පාස්කු ප්‍රහාරයේ යටි පෙළ සබඳතාවක් සම්බන්ධයෙන් සිය මුහුණු පොතට එක් කර තිබෙන සටහනේ දක්වා තිබෙන අතර රාජපක්ෂ කඳවුරේ හිතවාදියෙකු ලෙස ප්‍රකට ආචාර්ය දයාන් ජයතිලක මෙවැනි සටහනක් ප්‍රසිද්ධ කිරීමම සිතන්නට යමක් එක් කරන කාරණයකි.

පාස්කු ප්‍රහාරයත් සමඟ උත්සන්න වූ ජාතිවාදය ඇවිස්සීමත් ඒ පසුපස ඇති මාධ්‍ය මෙහෙයුමත් පිළිබඳව ඔහු එම සටහනෙන් විවෘතව පෙන්වා දී තිබේ.

අවසානයේ එහි වගකීම රාජපක්ෂ කඳවුර වෙත එල්ලකරමින් රටේ සමඟිය වැනසීම ගැන ඔහු යම් හෙළිදරව්වක් කරයි.

ආචාර්ය දයාන් ජයතිලක රාජපක්ෂ කඳවුරේ හිතවාදියෙකු ලෙස රටම හඳුනා ගෙන සිටි තැනැත්තෙකු ලෙස දැන් ඔහු විවෘතව මේ පෙන්වාදෙන කාරණය මේ මොහොතේ දේශපාලනිකව ඉතා තීරණාත්මක තත්ත්වයක් නිර්මාණය කරන්නක් වන අතර හෙට (23) දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ දේශපාලන වටපිටාව තවදුරටත් තීව්‍ර වනු ඇත.

කෙසේ නමුත් තම බලය වෙනුවෙන් ජාතිවාදී, ගෝත්‍රවාදී මෙන්ම දුෂ්ඨ ලෙස හැසිරෙන මෙම රාජපක්ෂ කඳවුර ජන සමාජය තුළ සනිටුහන් කරමින් ජනතාව ජාතිවාදයෙන් පෝෂණය කිරීමේ වරදේ වගකීමේ බරපතල කොටසක් දයාන් ජයතිලකද බාරගත යුතුව තිබේ.

මූලාශ්‍ර ASK

Leave a Comment

Your email address will not be published. Required fields are marked *