LOADING

Type to search

Science

ශ්‍රී ලංකා විද්‍යා සන්නිවේදකයින්ගේ සංගමයේ පළමු වාර්ෂික මහ සහාව අද (10)

Share

ශ්‍රී ලංකාව තුළ විවිධ මාධ්‍යයන් ඔස්සේ විද්‍යා සන්නිවේදනයෙහි නියැලෙන සන්නිවේදකයින්ගේ එකමුතුවක් ලෙස බිහිවුන ශ්‍රී ලංකා විද්‍යා සන්නිවේදකයින්ගේ සංගමයෙහි පළමු වාර්ෂික මහා සභාව අද (10) සවස 4.00ට කොළඹ 7, විද්‍යා මාවතේ, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් ශාලාවේදී පැවැත්වීමට එම සංගමය කටයුතු යොදා ඇත.

මෙම මහ සභාවේදී විශේෂ ආරාධිත දේශණය සංගමයේ උපදේශක කමිටු සාමාජික ප්‍රවීණ විද්‍යා ලේඛකයෙකු සහ මාධ්‍ය විශ්ලේෂකයෙකු ලෙස ක්‍රියාකරන නාලක ගුණවර්ධන මහතා විසින් සිදුකිරීමට නියමිතය.

මෙය මහ ජනතාවටද විවෘත සභාවාරයක් ලෙස පැවැත්වේ.

මීට වසරකට පමණ පෙර මූලික අඩිතාලම දමමින් ආරම්භ වුනු මෙම සංගමයේ මූලික පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාවේ විද්‍යා ජනමාද්‍ය හා විද්‍යා සන්නිවේදනය වඩාත් ඉහළ තලයකට ගෙන එමින් ශ්‍රී ලංකාව තුළ විද්‍යා දැනුම වඩාත් කාර්යක්ෂමව ප්‍රචලිත කිරීමයි. මේ හරහා ශ්‍රී ලාංකික ජනතාව වඩාත් තාර්කික චින්තනයක් කරා රැගෙන යාම සංගමයේ අපේක්ෂාවයි.

ප්‍රවීණ විද්‍යා සන්නිවේදකයින් වන නාලක ගුණවර්ධන, ආචාර්ය ජයන්ත වත්තවිදාන, මහාචාර්ය මනූජ් ක්‍රිෂාන්ත, මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි, තිළිණ කිරින්ගොඩ, රාජේන්ද්‍ර කුලසිංහ යන මහත්වරු මෙම සංගමයේ උපදේශක කමිටුව ලෙස ක්‍රියා කරයි. ශ්‍රී ලංකාව තුළ විවිධ ආකාරයෙන් විද්‍යා සන්නිවේදනයෙහි නියැලෙන ප්‍රවීණ හා ආදුනික සන්නිවේදකයින් රැසක් මෙම සංගමයේ සාමාජිකයින් ලෙස දැනටමත් ක්‍රියා කරන අතර, විද්‍යා සන්නිවේදනයෙහි නියැලෙන සහ විද්‍යා සන්නිවේදනයෙහි ඇල්මක් දක්වන සියළු දෙනා හට මෙම සංගමය හා සම්බන්ධ වන ලෙස ශ්‍රී ලංකා විද්‍යා සන්නිවේදකයින්ගේ සංගමය ඇරයුම් කර සිටියි.

විද්‍යා සන්නිවෙදනය හා සම්බන්ධ සහ ඊට ඇළුම් කරන සියළු දෙනාහට මෙම විශේෂ මහ සභාවාරයට සහභාගීවී සංගමයේ සාමාජිකත්වය ලබා ගන්නා මෙන් ශ්‍රී ලංකා විද්‍යා සන්නිවේදකයින්ගේ සංගමය ආරාධනා කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *