LOADING

Type to search

News

රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිකම වතු කම්කරු මර්ධනයට යොදාගත් තොන්ඩමන් ගෝඨාගේ සහායට ඉදිරිපත්වෙයි…

Share

2015 ජනවාරි 08ට පෙර පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පශු සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ධුරය දරමින් හම ඇමති ධුරයේ වරප්‍රසාද පාවිච්චි කරමින් වතු කම්කරුවන් මර්ධනයට ලක් කළ ආරුමුගම් තොන්ඩමන් ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ සටනට සහයෝගය දීමට ඉදිරිපත්ව තිබේ. එම කණ්ඩායමට එකතුවූ දූෂිත ඇමතිවරු අතරට ඔහුද ඒකවී ඇත. ඔහුට එල්ලවී ඇති චෝදනාවලින් ගැලවීම සඳහා ඉඩකඩ ලැබේයැයි ඔහුට විශ්වාස තැනට ඔහු ගොස් ඇත.

පශුසම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රුපියල් බිලියන 7.6ක ඉන්ධන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවූවේ 2016දී පමන වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අමාත්‍යවරුන්ගේ ඉන්ධන භාවිතයව සඳහා වැයකල යුතු මුදල් ප්‍රමාණයන් ඉක්මවා රුපියල් බිලියන 7.6ක ඉන්ධන අමාත්‍යවරයාගේ යටතේ පැවති ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලයෙන් සහ මිල්කෝ ආයතනයෙන් ලබාගැනීම පිළිබඳව ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට තිබිණි.

රාජ්‍ය ව්‍යාපාරවල මුදල් කුමන හෝ කරුණක් සඳහා රේඛීය අමාත්‍යාංශයට භාවිත කිරීම වලක්වාලමින් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට පටහැනිව සහ ජනාධිපති ලේකම්ගේ චක්‍රලේකයේ සීමාවන්ට පටහැනිව ලබාගන්නා මෙම පහසුකම මහජන දේපල අවභාවිතා කිරීමකි.

මෙහිදී විශේෂයෙන් වැදගත් වනුයේ කම්කරු නායකයෙකු ලෙස පෙනී සිටිමින් මෙම ඉන්ධන ලබාගැනීම සිදු කර ඇත්තේ කමක්රු මර්දනය කිරීම සඳහාම පමණි.

සීමාව ඉක්මවා ඉන්ධන ලබාගැනීම සඳහා අමාත්‍යාංශ ලේකම් වෙත ඉදිරපත් කර ඇති කරුණු අතර කම්කරු ගැටලු මත ඇතිවන කම්කරු පෙලගැස්වීම් මැඩපැවැත්වීමට අනිවාර්යෙන්ම ඇතුළත්වන බැවින් ඉන්ධන ලබාගැනීමට එයද හේතුවක් ලෙස දක්වා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *