LOADING

Type to search

News

මහින්දගේ සිල් රෙද්දට නොදෙවෙනි දයා ගමගේගේ වැඩිහිටි වන්දනාව මැ.කො.ස නතරකරයි

Share

පැවති 2015 ජනාධිපතිවරණය සමයේ මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් වියදම් කරමින් එවකට තෙවන වර ජනාධිපති අපේක්ෂකක, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිල් රෙදි බෙදා දුන් ආකාරයේම නීති විරෝධීව මැතිවරණ අල්ලසක් ලබාදීමේ කටයුත්තක් ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා විසින් සංවිධානය කර තිබී ඇති නමුත් එය වලක්වාලිමට මැතිවරණ කොමිසම කටයුතු කර තිබේ.

අදට (01) නියමිතව තිබූ වැඩිහිටි දිනය මුල් කරගෙන ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා විසින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වැය කරමින් අනුරාධපුරයේ වැඩිහිටි සැමරුමක් සංවිධානය කර තිබී ඇති නමුත් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව එය අත්හිටුවීමට එම කොමිෂන් සභාව කටයුතු කර ඇත.

මේ සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි වැඩිහිටියන් 25,000ක් සම්බන්ධ කරගැනීමට සැලසුම් කර තිබී ඇති නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්වී ගත වූ සිවු වසර පුරාවටම වැඩිහිටියන් සඳහා කිසිඳු සැලැස්මක් ක්‍රියාත්මක නොකළ අතර වැඩිහිටියන්ගේ දීමනාවෙන්ද රුපියල් 200ක් කප්පාදු කරන ලදී.

එවැනි ආණ්ඩුවක් ජනාධිපතිවරණයද කැඳවා ඇති මොහොතක හදිසියේම වැඩිහිටියන්ව මතක් වීම හාස්‍යජනකය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා සිදුකල පන්නයේම මැතිවරණ අල්ලසකට සැරසුණු මෙම අවස්ථාවේ මෙය වලක්වාගැනීම සඳහා මැදිහත්වී කටයුතු කල මැතිවරන කොමිසමටත්, මැතිවරණ කොමිසමේ සභාපති තුමාටත් අපගේ ස්තුතිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *