LOADING

Type to search

News

මං සීන් එකින් එහෙමපිටින්ම කැපුණා… දැන් යන්නෙ කුමන්ත්‍රණකාරී, පාතාල, වහල් දේශපාලනයක්…

Share

පසුගිය මහින්ද රාජපක්ෂ ජනපති සමයේ දේශපාලනයට සම්බන්ධිත කලාකරුවන් අතර කැපී පෙනෙන භූමිකාවක නිරතවූ කලා ශිල්පී ජැක්සන් ඇන්තනි මේ දිනවල කිසිදු සද්දයක් නැත. ජනපතිවරණ උණුසුම පැවතියත් කිසිදු ප්‍රසිද්ධ අවස්ථාවකට එක් නොවූ ඔහුගේ මේ නිහඬ පිළිවෙතට හේතුව කලකිරීමක් බවට ආරංචි පැතිර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා බුදු හාමුදරුවන්ගේ ඥාතියෙකු යැයි පැවසූ, ජනමූල නායකයා යැයි සමාජ මතයක් ගොඩනැගූ පැවති මහින්ද රාජපක්ෂ පාලනය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා මේ වනවිට එම කඳවුරේ දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි කලකිරීමකට ලක්ව සිටින බව අනාවරණය වේ.

මේ ගැන ඔහු ඊයේ (18) පලවූ පුවත්පතකට හේතු පැහැදිලි කරමින් අදහස් දක්වා ඇත.

ඒ මෙසේය…

“මමත් කාලයක් හිතාගෙන හිටියෙ දේශපාලන පිම්ම හොඳයි කියලයි. මොකද මේ රටේ පරිපාලන නියාමනයේ නම් ප්‍රශ්නය තියෙන්නේ ඒ නියාමකයින්ට දේශපාලන මතිමතාන්තරවලට කිසියම් පොහොරක් සපයන්න මම කාලයක් යොමු වෙලා හිටියා.

මගේ තුන් හිතකවත් දේශපාලනයට කැමැත්තක් තිබුණෙත් නැහැ. හැබැයි ඒ අයට යම් යම් උපදෙස් දෙන්න මං කාලයක් යොමු වෙලා හිටියා.

නමුත් අද වෙනකොට මම තීරණය කරලා තියනවා දැන් තියන දේශපාලනයට මතවාදී පිවිසුමකින් වැඩක් නැහැ කියලා. මේක තනිකරම කුමන්ත්‍රණකාරී උපක්‍රමශීලී පාතාලය වගේ. කොහෙන් මතුවෙලා කොහෙන් ගිනිකන්ද පුපුරයිද දන්නැහැ වගේ. අපි කිසිම කෙනෙක් කිසිවක් දන්නෙ නැති තත්වයට පත්වෙලා තිබෙන්නෙ.

ඡන්ද අපේක්ෂකයාවත් දන්නෙ නැහැ, තමන් කවුද කියලා. හැමෝම භ්‍රාන්තියකින් ඉන්නෙ. ඒ බිය ගැලපෙන්නෙ පාතාල ලෝකයට. ඒ නිසා මම හදුන්වන්නෙ වර්තමාන දේශපාලනය කුමන්ත්‍රණකාරී පාතාල දේශපාලනයක් කියලයි.

පාතාල දේශපාලනයට මතවාදී අදහස්වලින් වැඩක් නැහැ. මගේ දේශපාලන පිවිසීම මතවාදීයි. එයට යම් යම් එකතු කිරීම් කළා. මා කියපු කරපු දේවල් තවමත් මම පිළිගන්නවා.ඒවා හරියට විමසුවා නම් හරි කියලා මං අදටත් විශ්වාස කරනවා.

අද ලංකාවේ දේශපාලනය වහල් පාක්ෂික දේශපාලනයත්. කුලවාදයට වඩා පක්ෂ වාදය දරුණුයි. එහෙම පාක්ෂික වහල් කුමන්ත්‍රණකාරී දේශපාලනයක් මට වැඩක් නැහැ.

ඒ නිසා දේශපාලනය දිහා මං දැන් හැරිලවත් බලන්නෙ නැහැ.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *