LOADING

Type to search

News

ඩලස් කියන විදිහට ශුවර් නැත්තේ ගෝඨාගේ අපේක්ෂකත්වද?

Share

සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයින් සහභාගී වූ “මහජන වේදිකාව”ට ගෝඨාභය රාජපක්ෂ පමණක් නොපැමිණියේ තවමත් නාමයෝජනා සහ අපේක්ෂකයින් අවසන් වශයෙන් තීරණය වී නොමැති නිසා බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම පවසයි.

එසේ නාමයෝජනා භාරදීම සහ අපේක්ෂකයින් නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත්වීම අවසන්ව නොමැති මොහොතක විවාදයකට සහභාගී වීමේ තේරුමක් නොමැති හෙයින් ගෝඨාභය රාජපක්ෂ විවාදයට නොඑනා බව අද (05) පෙරවරුවේදී මහජන වේදිකාවේ සංවිධායකයින් වෙත දැනුම් දුන් බව මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් පවසයි.

අනෙක් අපේක්ෂකයින් හෝ නාමයෝජනා පිළිබඳ ගෝඨාභය රාජපක්ෂට වද වීමට හේතුවක් නොමැති නිසා මින් පෙනී යන්නේ ගෝඨාභය රාජපක්ෂ නිශ්චිතවම ජනාධිපතිවරණයට තරග වදින්නේද යන්න පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටම විශ්වාසයක් නොමැති බවයි.

විශේෂයෙන්ම චමල් රාජපක්ෂ මහතාද ඇප මුදල් තැන්පත් කර ඇති තත්වයක් තුළ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වයට තවදුරටත් බාධා එල්ල වෙතැයි සැකයක් පවතින බව මහින්ද රාජපක්ෂ මහතාම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තත්වයක් තුළ මෙය වඩාත් තහවුරු වන ලකුණු පෙනේ.

තමන්ගේ අපේක්ෂකත්වය පිළිබඳව තමන්ටද විශ්වාසයක් නොතිබුණත් අද පැවති මහජන වේදිකාවට ගොඩවී තමන් පුරවැසියෙකු ලෙස රට දියුණු කිරීමට යෝජනා කරන ප්‍රතිපත්තිමය කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව ඔහුට තිබිය යුතුව තිබිණි.

තමන්ට බලය නොලැබෙන්නේනම් හෝ අපෙක්ෂකත්වය නොලැබෙන්නේනම්, ඕනෑම මොහොතක තම මවු රට වන ඇමරිකා එක්සත් ජනපදය බලා පියාසර කිරීමට බලා සිටින ගෝඨාභය රාජපක්ෂට එසේ තමන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස හෝ රට දියුණු කිරීමේ ප්‍රතිපත්තිමය කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවයක් නොතිබුනා විය හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *