LOADING

Type to search

News

ඡන්ද ප්‍රතිඵලයට පෙර ඇල්පිටිය උත්ප්‍රාසයට නැංවීමෙන් රාජපක්ෂලා මෙවර ජනාධිපතිවරණයෙනුත් හාන්සියි

Share

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයෙන් තමන් ලබා ගන්න ඡන්ද ප්‍රමාණය පිළිබඳව අනාවැකි කියමින් බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන වැන්නන් උදම් අනමින් ඇල්පිටිය අනවශ්‍ය ලෙස උත්ප්‍රාසයට නැන්වුවද අවසානයේ ඡන්ද ප්‍රතිඵලයේදී ඔවුන් අපේක්ෂා කළ ගණන් බලා තිබූ ඡන්ද ප්‍රතිශයෙන් 23.7%ක ඡන්ද ප්‍රතිශතයක් අහිමි කරගෙන තිබේ.

බෙන්තර ඇල්පිටිය ආසනයේ බෙන්තර සහ ඇල්පිටිය ලෙස ප්‍රාදේශීය සභා බලප්‍රදේශ දෙකක් සීමා කර ඇති අතර ඉන් බෙන්තරටත් වඩා රාජපක්ෂවරුන්ට වාසිසහගත තැන වන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවයි. 99%ක් පමණම සිංහල බෞද්ධ ඡන්ද වන අතර පසුගිය 2015 ජනාධිපතිවරණයේදීද මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ජය ගන්නා විට බෙන්තර ඇල්පිටිය මහින්ද රාජපක්ෂ ජයගත් බල කොටුවකි.

2015 ජනාධිපතිවරණයේදී බෙන්තර-ඇල්පිටිය ආසනය මහින්ද රාජපක්ෂ ඡන්ද 42,015 (59.08%)ක් ලබා ගන්නා විට මෛත්‍රීපාල සිරිසේනට හිමිවූයේ ඡන්ද  28,287 (39.78%) පමණි. එහෙත් සමස්ත දිවයිනේ ජය මෛත්‍රීපාල සිරිසේනට හිමි විය.

එමෙන්ම 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් බෙන්තර-ඇල්පිටිය ආසනය එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 34,275 (52.70%)ක් ලබා ගන්නාවිට එක්සත් ජාතික පක්ෂය ඡන්ද 26,559 (40.83%) ලබාගන්නා ලදී. මෙහිදී බෙන්තර-ඇල්පිටිය ආසනයේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 3,351 (5.15%)ක් හිමිවිය.

ඊයේ (11) පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ප්‍රතිඵලය සහ 2018 වසරේ පැවති බෙන්තර ප්‍රාදේශීය සභා ඡන්දය එකතු කළ විට එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 18,386කි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 4,165ක් ලබාගෙන ඇත.

ඒ අනුව ගත්විට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හන්ස සන්ධානය 2015 ජනාධිපතිවරණයෙන් ලබා ගත් ඡන්දවලින් 9,901 අහිමි කරගෙන තිබේ.

එය 2015 පාර්ලිමේන්තු මැතිවරණ හා සන්සන්දනය කර බැලූ විට රාජපක්ෂවරු ඡන්ද 2082ක් අහිමි කරගෙන තිබෙන අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 8,173ක් අහිමි කරගෙන ඇත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 3,351 ලබාගත් ජනතා විමුක්ති පෙරමුණ බෙන්තර සහ ඇල්පිටිය පළාත් පාලන ඡන්දය එක් කළවිට බෙන්තර ඇල්පිටිය ආසනයෙන් මෙවර ඡන්ද 4,165ක් ලබාගෙන ඇත. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 814ක් වැඩි කරගෙන තිබේ.

පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරීන්, මන්ත්‍රීවරු ඇල්පිටිය ඡන්දයට පෙර උදම්ඇනූ තරමටම නැතත් යම් ප්‍රමාණයකින් ඇල්පිටිය ඡන්දය ඉදිරි ජනාධිපතිවරණය හා සැසඳීමට උත්සාහ කරන නමුත් දේශපාලන විචාරකයන් හා මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරන්නන් සඳහන් කරන්නේ මෙම ඡන්ද ප්‍රතිඵල කිසිසේත් ඉදිරි ජනාධිපතිවරණය හා සැසඳිය නොහැකි බවයි. පළාත් පාලන ඡන්දයකිදී ජනතා හැසිරීමත් මුළු රටම එකම ඡන්ද කොට්ඨාසයක් බවට පත්වන ජනාධිපතිවරණයකදී ජනතාවගේ හැසිරිමත් අතර විශාල පරතරයක් පෙන්නුම් කරන බවද ඔවූහු පෙන්වා දෙති.

එහෙත් යම් හෙයකින් මෙම ප්‍රතිඵල සන්සන්දය කිරීමට කටයුතු කරන්නේනම් මහින්ද පිලට ඉතාමත් සරු බිමක් ඇති ඇල්පිටිය අඩුම තරමේ 80%ක ඡන්ද ප්‍රතිශතයක් කරා යාමට නොහැකි වීම තුළ ඉදිරි ජනාධිපතිවරණයේදි රාජපක්ෂ කඳවුරේ ගෝඨාභය රාජපක්ෂට හා අනෙක් පසින් සජිත් ප්‍රේමදාසට ඡන්ද 50%ක ප්‍රතිශතය පසු කිරීමට නොහැකි බවත් විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද ලක්ෂ 15ක සීමාව පසු කරනු ඇති බවත් පෙන්නුම් කරන බව දේශපාලන විචාරකයෝ හා මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂකයෝ සඳහන් කරති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *