LOADING

Type to search

News

ගෝඨාගේ ද්විත්ව පුරවැසි අංකය ව්‍යාජයි – වෙනත් පුද්ගලයෙකුගේ ලිපිගොනුවක අංකයක්

Share

පොහොට්ටු පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ මහතාගේ ද්වත්ව පුරවැසිභාවයට අදාල 15203 යන අංකට ව්‍යාජ එකක් බවත් එම අංකය යටතේ ඇත්තේ ආර්නොල්ඩ් ෂන්මුගනාදන් නැමැත්තෙකුගේ ලිපිගොනුවක් බවත් මේ වනවිට අධිකරණය ඉදිරියේ හෙලිදරව් වී තිබේ.

ඒ ගෝඨාබය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම් පත සහ ද්විත්ව පුරවැසිභාවය සනාථ කරන බලපත්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම ඊයේ (03) විභාගයට ගත් අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය ඉදිරියේ සිදු කළ කරුණු දැක්වීමෙනි.

කෙසේ වෙතත් 15203 A යන අංකය පරිඝණක දත්ත වෙත යොමු කළ විට ඔහුගේ නම ලැබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය කරුණු දැක්වීමෙන් අනාවරණය කර ඇත.

මේ අතර ගෝඨාබය රාජපක්ෂ මහතා විදේශ ගමන් බලපත්‍ර 4ක් භාවිත කර ඇති බවත් පැරණි ජාතික හැඳුනුම්පතක් මෙන්ම නව ජාතික හැඳුනුම්පතක්ද භාවිත කර ඇති බවත් අධිකරණයේදී හෙළි දරව් වී තිබේ.

එමෙන්ම ඔහු නව ජාතික හැඳුනුම්පත ලබාගත් පසුවද පැරණි හැඳුනුම්පත භාවිත කර ඇති බවද එහිදී හෙළිදරව් වී ඇත.

මේ අතර ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා අධිකරණයට දන්වා ඇත්තේ ගෝඨාබය රාජපක්ෂ 2005දී ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා ඉදිරිපත් කළ අයදුම් පත්‍රයක් ස්වදේශ කටයුතු අමාත්‍ය වෙත ඉදිරිපත්ව නොමැති බව ය.

1 Comment

  1. sex tube November 21, 2019

    Good way of explaining, and pleasant post to get information on the topic of
    my presentation subject matter, which i am going to deliver in school.

    Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *