LOADING

Type to search

News

ගොඨාට අසාධ්‍යයි… විදෙස්ගතවීමට ඉල්ලයි

Share

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදවත් රෝගී තත්ව උත්සනව ඇති බැවින් ඔහුට වහාම විදෙස්ගතව ප්‍රතිකාර ලබාගැනීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ඔහුගේ නීතීඥයින් විසින් අද (01) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබූ හදවත් රෝගී තත්වය උත්සන්න වී ඇති බව, හදිසියේම ඇතිවී තිබෙන යම් හෘදයාබාධයක් හේතුවෙන් ඔහුව මෙරට වෛද්‍ය වරුන් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අනාවරණය වීම හේතුවී තිබේ. එහිදී, මීට පෙර සිංගප්පූරුවේදී ඔහුගේ ශෛල්‍යකර්මය සිදු කළ වෛද්‍යවරයාගේ නීරීක්ෂණය යටතේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සුදුසු බවට මෙරට වෛද්‍යවරු විසින් ලබා දී ඇත. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා තිය නීතීඥයින් මගින් අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් විදෙස්ගතවීමට අවසර ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් මෙවැනි මෝසමක් ඉදිරිපත් කිරීමේදී අදාල නිශ්චිත කරුණට අදාළ ලිඛිත වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සරළ සිද්ධාන්තයකි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥයින් මෙම මෝසම ගොනු කර ඇත්තේ එම සිද්ධාන්තය මගහරිමිනි. ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් නීතී ක්ෂේත්‍රවේ ප්‍රවීනයන් අතර මෙන්න දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ විස්ලේෂකයන් අතරද දැඩි කතාබහක් ඇතිව තිබේ. ඔවුන් සඳහන් කරන්නේ නීතී ක්ෂේත්‍රයේ සිටින ජ්‍යෙෂ්ඨ නීතීඥවරු අතරින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීඥ කටයුතු මෙහෙයවන අලි සබීර් මහතා අතින් එැවනි අතපසුවීමක් සිදුවිය නොහැකි බවත් ඔවුන් මෙය හිතාමතාම මගහැර ඇති බවත් ය.

අදාල ලේඛන ඉදිරිපත් කිරීම හිතාමතාම මග හැර ඇත්තේ බොහෝ විට හෘදයාබධය පිළිඳ සත්‍ය කරුණු හෙළිදරව් වුවහොත් එය ඉදිරි ජනාධිපතිවරණයට බාධාවක් වනු ඇති බවත් ඔහුට එරෙහිව එල්ලවී ඇති නීත්‍යානුකූල නොවන පුරවැසිභාවය පිළිබඳ නඩුවට දලාව තම නීත්‍යානුකූල භාවය ඔප්පු කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් කරගැනීමට නොහැකි වුවහොත් ඉන් ඇති වෙන ප්‍රතිඵලය භයානක වන බැවින් ඊට මුහුණ දීමට සිදුවන නිසා ඊට බියේ මෙලෙස විදේශගතවීමට සූදානම් වන බවද නීති විශාදරයෝ මෙන්ම දේශපාලන විශ්ලේෂකයෝ මත පල කරති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *